Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලෝක මෝටර් රථ සම්මේලනයේ මඟපෙන්වීම යටතේ සිලෝන් මෝටර් රථ ක්‍රීඩා සමාජය සංවිධානය කරන ආසියානු ශාන්තිකර කලාපීය මෝටර් රථ තරගාවලිය හෙට (26 වැනිදා) සිට 28 වැනිදා දක්වා බණ්ඩාරගම, ස්පීඩිබේ කාටින් ධාවන පථයේදී පැවැත්වේ.
මෙටර පැරණිතම මෝටර් රථ ක්‍රීඩා සමාජය වන සිලෝන් මෝටර් රථ ක්‍රීඩා සමාජය 1934 වසරේදී ආරම්භ කර ඇති අතර එය ලෝක මෝටර් රථ සම්මේලන විසින් මෙරට මෝටර් රථ ක්‍රීඩාවේ පාළනාධිකාරිය ලෙස සලකනු ලබන සංගමයද වේ.
ආසියානු ශාන්තිකර කලාපීය මෝටර් රථ තරගාවලිය මෙරටදී පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වන අතර ඊට රටවල් 20 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 200 ක් පමණ සහභාගි වනු ඇත. එහිදී කාණ්ඩ 6 ක් යටතේ තරග පැවැත්වීමට නියමිතය.
මෙම තරගාවලිය පළමු වරට 2023 වසරේ මැලේසියාවේ සෙපෑන්ග් ධාවන පථයේදී පැවැති අතර ඊට රටවල් 23 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 171 ක් දෙනෙක් සහභාගි වූහ.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.