
සවුදි අරාබියේදී පැවැති 44 වැනි ඩකාර් රැළිය ජයගැනීමට කටාරයේ නේසර් අල් අතියා සමත් විය. රැළියේ අදියර 12 නිමා කිරීම සඳහා ඔහුට පැය 38 යි, විනාඩි 33 යි, තත්ත්පර 03 ක කාලයක් ගතවිය. අල් අතියා ජයගත් සිවුවැනි ඩකාර් රැළිය මෙය වූ අතර මින් පෙර ඔහු 2011, 2015 සහ 2019 යන වසරවලදී පැවැති ඩකාර් රැළිවලද ජයග‍්‍රාහකයා විය.
අල් අතියාට වඩා විනාඩි 27 යි, තත්ත්පර 46 ක් පසුපසින් අදියර 12 නිමා කළ ප‍්‍රංශයේ සෙබස්තියන් ලොබ් සමස්ත තරගයේ දෙවැනි ස්ථානයට පත්විය. සමස්ත තරගයේ තෙවැනි ස්ථානයට පත්වූ සවුදි අරාබියේ යසීඞ් අල් රාජි සහ අල් අතියා අතර පැවැති කාල පරතරය පැය 1 යි, විනාඩි 1 යි, තත්ත්පර 13 කි.
අදියර 12 නිමා කිරීම සඳහා පැය 40 යි, තත්ත්පර 26 ක කාලයක් වාර්තා කළ ආර්ජන්ටිනාවේ ඔර්ලන්ඩෝ ටෙරනෝවා සහ පැය 40 යි, විනාඩි 14 යි, තත්ත්පර 51 ක කාලයක් වාර්තා කළ දකුණු අපි‍්‍රකාවේ ගිනියෙල් ඩිවිලියර්ස් පිළිවෙලින් සමස්ත තරගයේ සිවුවැනි සහ පස්වැනි ස්ථානවලට පත් වූහ.
බිෂා ප‍්‍රදේශයේ සිට ජේඩා ප‍්‍රදේශය දක්වා කිලෝ මීටර් 680 ක දුරකින් සමන්විත වූ රැළියේ 12 වැනි අදියර අද (14 වැනිදා) පැවැති අතර එම අදියර ජය ගැනීම සඳහා දකුණු අපි‍්‍රකාවේ හෙන්ක් ලැටෙගන්ට පැය 1 යි විනාඩි 35 යි, තත්ත්පර 19 ක කාලයක් ගත විය. ඔහුට වඩා තත්ත්පර 49 ක් පසුපසින් තරගය නිමා කළ ප‍්‍රංශයේ ස්ටීවන් පීටර්හැන්සල් 12 වැනි අදියරේ දෙවැනි ස්ථානයට පත් විය.
12 වැනි අදියරේ තෙවැනි සහ සිවුවැනි ස්ථාන හිමිකර ගැනීමට දකුණු අපි‍්‍රකාවේ බ‍්‍රයන් බරග්වනාත් සහ ප‍්‍රංශයේ සෙබස්තියන් ලොබ් සමත් වූහ. ඔවුන් දෙදෙනා පිළිවෙලින් ලැටෙගන්ට වඩා විනාඩි 1 යි, තත්ත්පර 51 ක් සහ විනාඩි 2 යි, තත්ත්පර 20 ක් පසුපසින් එම අදියර නිමා කළහ. ලිතුවේනියාවේ වයිඩොටාස් සාලා 12 වැනි අදියරේ පස්වැනි ස්ථානයට පත්වූයේ ලැටෙගන්ට වඩා විනාඩි 3 යි, තත්ත්පර 25 ක් පසුපසින් තරගය නිමා කරමිනි.
12 වැනි අදියරේ ප‍්‍රතිඵලය
1 හෙන්ක් ලැටෙගන් (දකුණු අපි‍්‍රකාව) - පැය 1 යි, විනාඩි 35 යි, තත්ත්පර 19 යි
2 ස්ටීවන් පීටර්හැන්සල් (ප‍්‍රංශය) - පැය 1 යි, විනාඩි 36 යි, තත්ත්පර 08 යි
3 බ‍්‍රයන් බරග්වනාත් (දකුණු අපි‍්‍රකාව) - පැය 1 යි, විනාඩි 37 යි, තත්ත්පර 10 යි
4 සෙබෙස්තියන් ලොබ් (ප‍්‍රංශය) - පැය 1 යි, විනාඩි 37 යි, තත්ත්පර 39 යි
5 වයිඩොටාස් සාලා (ලිතුවේනියාව) - පැය 1 යි, විනාඩි 38 යි, තත්ත්පර 44 යි
සමස්ත තරගයේ ප‍්‍රතිඵල
1 නේසර් අල් අතියා (කටාරය) - පැය 38 යි, විනාඩි 33 යි, තත්ත්පර 03 යි
2 සෙබෙස්තියන් ලොබ් (ප‍්‍රංශය) - පැය 39 යි, තත්ත්පර 49 යි
3 යසීඞ් අල් රාජි (සවුදි අරාබිය) - පැය 39 යි, විනාඩි 34 යි, තත්ත්පර 16 යි
4 ඔර්ලන්ඩෝ ටෙරනෝවා (ආර්ජන්ටිනාව) - පැය 40 යි, තත්ත්පර 26 යි
5 ගිනියෙල් ඩිවිලියර්ස් (දකුණු අපි‍්‍රකාව) - පැය 40 යි, විනාඩි 14 යි, තත්ත්පර 51 යි

-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.