Last Update  :  2024-05-17 18:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Motorsports අනතුරට පත්වූවන්ගේ පවුල්වලට සහන සලසනවා

අනතුරට පත්වූවන්ගේ පවුල්වලට සහන සලසනවා

editorial - 2024 අප්‍රේ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නරියාකන්ද මාරක අනතුර සිදුවී දින 3 ක් ගතවීමෙන් පසුව ඉකුත් 24 වැනිදා ඒ පිළිබඳව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමය කියා සිටියේ සිදුවූ අනතුර සම්බන්ධයෙන් තම සංගමය බලවත් කණගාටුව පළ කර සිටින බවය. තරගාවලිය අතරමග නතර කර දැමීමෙන් පසුව ‘ෆොක්ස් හිල් ජර්නි’ නමින් එදින රාත්‍රියේ පැවැති ඩී.ජේ. සංගීත සංදර්ශනයට තම සංගමයේ හෝ ශ්‍රී ලංකා යුද හමුදාවේ කිසිදු සම්බන්ධයක් නොමැති බවද එම නිවේදනයේ සඳහන් වේ. 

“තරග නැරඹීම සඳහා තිබූ කුතුහලය නිසා ධාවන පථය අසල අනාරක්ෂිත ස්ථානවල නරඹන්නන් රැදී සිටි බව අපට දැනගන්නට ලැබුණා. එබැවින් සෑම විටම ආරක්ෂක මාර්ගෝපදේශ පිළිපැදීමේ වැදගත්කම අපි අවධාරණය කළා. එත් මෙම සිදුවීම සම්බන්ධයෙන් අපි කිසිදු පුද්ගලයකුට හෝ කිසිදු පාර්ශවයකට වරද පැටවීමට උත්සාහ ගන්නේ නෑ. සිද්ධියෙන් විපතට පත්වූ අයගේ පවුල්වල සාමාජිකයන්ට උපකාර කිරීමටත්, ක්‍රීඩකයන් වෙනුවෙන් පෙනී සීටීමටත් අපි බලාපොරොත්තු වෙනවා.”

“මියගිය අයගේ පවුල්වලට අපගේ අපගේ ශෝකය ප්‍රකාශ කරන අතරම මෙම ඛේදජනක සිදුවීමෙන් තුවාල ලැබූ හෝ විපතට පත් වූ සියලු දෙනාට අපි ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. ජීවිතයක් කියන දේ රුපියල් සතවලින් මනින්න බැරි වුණත් මේ මොහොතේ විපතට පත් වූවන්ගේ සියලුම පවුල්වලට මුල්‍යමය වශයෙන් ආධාර කිරීමට අපි කඩිනම් පියවර ගෙන තිබෙනවා.”

“සිද්ධියට හේතු වූ කරුණු අවබෝධ කර ගැනීම සඳහා පුළුල් විමර්ශනයක් සිදු කිරීමටත්, අනාගතයේදී එවැනි සිදුවීම් ඇති වීම වැළැක්වීම සඳහා අතිරේක ආරක්ෂක පියවරයන් ක්‍රියාත්මක කිරීමටත් අපි කැප වෙනවා. මෙම සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුධ හමුදාව පරීක්ෂණයක් පවත්වන අතර ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමය ලෙස අපද එවැනිම පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතීඥවරයෙකුගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපුද්ගල ස්වාධීන කමිටුවක් පත්කර තිබෙනවා.” 

“ශ්‍රී ලංකා යුද හමුදාවට, දියතලාව යුද හමුදා විද්‍යාපීඨයට, හදිසි සේවාවන්ට, වෛද්‍ය නිලධාරීන්ට, දියතලාව සහ බදුල්ල මහ රෝහල්වල වෛද්‍යවරුන්ට සහ කාර්ය මණ්ඩලයන්ට, දියතලාව පොලිසියට සහ තුවාලකරුවන්ට සහය වීමට කඩිනමින් ප්‍රතිචාර දැක්වූ සියලුම දෙනාට අපි බෙහෙවින්ම ස්තූතිවන්ත වන අතරම ඔවුන් දැක්වූවා වූ සහයෝගය බෙහෙවින් අගය කරනවා” යැයිද එම නිවේදනයෙන් වැඩිදුරටත් කියැවේ. 

- 036


අදහස් (0)

අනතුරට පත්වූවන්ගේ පවුල්වලට සහන සලසනවා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.