Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Motorsports ෆෝමියුලා-I විද්‍යුත් ක්‍රීඩා ශූරතාව අලීම්ට

ෆෝමියුලා-I විද්‍යුත් ක්‍රීඩා ශූරතාව අලීම්ට

editorial - 2021 සැප් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

මැන්ඩරින් රීඩ් විද්‍යුත් ක්‍රීඩා කණ්ඩායම සහ එල්.එල්.ආර්. කණ්ඩායම එක්ව සංවිධානය කළ ෆෝමියුලා-I විද්‍යුත් ක්‍රීඩා තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ෆවුසුල් අලීම් සමත් විය. තරගාවලියට ඇතුළත් වූ ‍ෆෝමියුලා-I තරග 8 න් 4 ක්ම ජයගනිමින් ඔහු සමස්ත තරගාවලියේ ශූරතාව තමන් සතුකර ගත්තේය.

තරගාවලිය පුරා ෆවුසුල්ට හොඳ තරගයක් ලබාදුන් චලිත දිල්හාර සහ ඇන්ඩෘ ෂොන් පිළිවෙලින් එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකර ගත්හ. සිය අන්තර්ජාල සම්බන්ධතාව බිඳවැටීම නිසා චලිතට එක් තරගයක් අහිමිවූ අතර එය ඔහුට තරගාවලිවයේ ශූරතාව අහිමි වීමට බෙහෙවින්ම බලපෑවේය.

ජර්මනියේ නර්බරින්ග් ධාවන පථයේදී පැවැති තරගයෙන් මෙම තරගාවලිය ආරම්භ වූ අතර එහි දෙවැනි තරගය බෙල්ජියමේ ස්පා ධාවන පථයේදී පැවැත්විණ. තෙවැනි තරගය ඉතාලියේ මුගෙලෝ ධාවන පථයේදීද, සිවුවැනි තරගය එංගලන්තයේ ස්ල්වර්ස්ටෝන් ධාවන පථයේදීද පැවැති අතර පස්වැනි තරගය පැවැතියේ ඉතාලියේ මොන්සා ධාවන පථයේදීය.
 
හයවැනි තරගය ඔස්ට්‍රියාවේ රෙඩ්බුල් ධාවන පථයේදීත්, හත්වැනි තරගය ස්පාඤ්ඤයේ බාර්සිලෝනා ධාවන පථයේදීත් පැවැති අතර ඉතාලියේ ඉමෝලා ධාවන පථයේදී පැවැති අටවැනි තරගයෙන් තරගාවලිය නිමාවට පත් විය.
 
සෙලාන් බැංකුව, අලියාන්ස් රක්ෂණ සමාගම, මොබිල්-1, ගේම්ස් හෝම්ස්, ජෙනරල් ඔටෝ වර්ක්ස්, ස්ටීවෝ පිහිනුම් භාණ්ඩ, ආයුවන්න, බාරේරියන්, ඒෂියන් සිකියුරිටි සමූහය, ආවර්ජන, චයිනීස් ඩ්‍රැගන්, රයිසයිට් සහ යස් එෆ්.එම්. තරගාවලියේ අනුග්‍රාහකයන් ලෙස කටයුතු කළහ. එහි මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය විජය පුවත්පත් සමාගමෙනි.
 
 

 

-036


අදහස් (0)

ෆෝමියුලා-I විද්‍යුත් ක්‍රීඩා ශූරතාව අලීම්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.