Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Motorsports වැලන්ටිනෝ රෝසි යතුරුපැදියට සමුදෙයි

වැලන්ටිනෝ රෝසි යතුරුපැදියට සමුදෙයි

editorial - 2021 අගෝ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙවර (2021) මොටෝ ජීපී තරග වාරයෙන් අනතුරුව වසර 25 කට වැඩි සිය ක්‍රීඩා දිවියට සමුදීමට ලොව ප්‍රධාන පෙලේ යතුරුපැදි ශූරයකු වන වැලන්ටිනෝ රෝසි තීරණය කර ඇත.

මේ වන විට 42 වැනි වියේ පසුවන ඉතාලි ජාතික රෝසි, අංක 46 යටතේ තරග වැදුණේය. මේ දක්වා ඔහු ලෝක ශූරතා 9 කට හිමිකම් කියන ඔහු, ඉන් 7 ක්ම දිනා ඇත්තේ ප්‍රධාන කාණ්ඩයෙන් වීමද කැපී පෙනේ.

මෙම සති අන්තයේදී ඕස්ට්‍රියාවේ රෙඩ්බුල් ධාවන් පථයේදී පැවැත්වෙන සිරියානු ගෝන් ප්‍රී තරගයට පෙර පැවැති විශේෂ මධ්‍ය හමුවකදී වැලන්ටිනෝ සිය සමුගැනීමේ තීරණය ප්‍රකාශයට පත් කළේය.

“මේ තරග වාරයෙන් පසු නවතින්න මම තීරණය කළා. අවාසනාවකට වගේ මෙය මගෙ අවසන් මොටෝ ජීපී තරගය වෙයි. මේ තීරණය ගන්න මට හුඟක් අපහසු වුණා.” යැයි ‍රෝසි එහිදී පැවසීය.

“මම අවුරුදු 30 කට කිට්ටු වෙන්න යතුරුපැදිය ධාවනය කළා. ලබන අවුරුද්දෙ ඉඳන් මගේ ජීවිතේ හුඟක් වෙනස් වේවි. ක්‍රීඩාවේ නිරත වුණ කාලය දෙස හැරිලා බලද්දි මට හුඟක් සතුටුයි. මොකද මං ඒ කාලය තුළදී හුඟක් දේවල් භුක්ති වින්දා‍.” යැයිද ඔහු සඳහන් කළේය.

යතුරුපැදි තරග 400කට වැඩි ප්‍රමාණයකට සහභාගි වී ඇති ‍ලොව එකම ක්‍රීඩකයා වන රෝසි, ඉන් ප්‍රධාන කාණ්ඩයේ තරග 89 ක් සහ සෙසු කාණ්ඩවල තරග 26 ක් ජය ගැනීමට සමත්ව ඇත.

-036


අදහස් (0)

වැලන්ටිනෝ රෝසි යතුරුපැදියට සමුදෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.