Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Motorsports තුර්කිය ඉවත්වීමේ හිදැස සිරියාව පුරවයි

තුර්කිය ඉවත්වීමේ හිදැස සිරියාව පුරවයි

editorial - 2021 මැයි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ වසරේ (2021) ෆෝමියුලා-1 තරග කාල සටහනට ඇතුළත්කර සති දෙකක් ගතවීමටත් පෙර තුර්කි ගෝන් ප්‍රී තරගය අවලංගු කර දැමීමට තුර්කි රජය පියවර ගෙන තිබේ. ඒ හේතුවෙන් එම තරගය වෙනුවට සිරියානු ගෝන් ප්‍රී තරගය ආදේශ කිරීමට ෆෝමියුලා-1 සංවිධායකයන් තීරණය කර තිබේ.

නවතම ෆෝමියුලා-1 තරග කාල සටහනට අනුව තුර්කි ගෝන් ප්‍රී තරගය ජූනි මස 13 වැනිදා පැවැත්වීමට නියමිතව තිබිණ.

පැරණි ෆෝමියුලා-1 තරග කාල සටහනට එම තරගය ඇතුළත්ව නොතිබුණ අතර සංචරණ සීමා පැනවීම හේතුවෙන් කැනේඩියානු ගෝන් ප්‍රී තරගය අවලංග වීමත් සමග එහි ආදේශකයක් ලෙස තුර්කි ගෝන් ප්‍රී තරගය නව තරග කාල සටහනට එක් කෙරිණ.
අවලංගු කරන ලද තුර්කි ගෝන් ප්‍රී තරගය වෙනුවට සිරියානු ගෝන්‍ ප්‍රී තරගය තරග කාල සටහනට ඇතුළත් කිරීමට ෆෝමියුලා-1 සංවිධායකයන් පියවර ගෙන ඇති අතර එය ජූනි මස 27 වැනිදා ඔස්‍ට්‍රියාවේ රෙඩ් බුල් ධාවන පථයේදී පැවැත්වීමට නියමිතය.

සිරියානු ගෝන්‍ ප්‍රී තරගයට පෙර ප්‍රංශ ගෝන් ප්‍රී තරගය ජූනි මස 20 වැනිදා පෝල් රිකාඩ් ධාවන පථයේදී පැවැත්වෙන අතර සිරියානු ගෝන්‍ ප්‍රී තරගයෙන් අනතුරුව ඔස්ට්‍රියානු ‍ගෝන්‍ ප්‍රී තරගය රෙඩ් බුල් ධාවන පථයේදීම පැවැත්වෙන ඇත. ඒ අනුව මේ වසර තුළ ඕස්ට්‍රියාවේදී ගෝන් ප්‍රී තරග දෙකක් පැවැත්වෙන අතර පිට පිටම සති අන්ත 3 කදී තරග පැවැත්වීම නිසා එය ක්‍රීඩකයන්ට ඉතාමත් කාර්ය බහුල කාල වකවානුවක් වනු ඇත.

“කෙසේ හෝ තුර්කි ‍ගෝන් ප්‍රී තරගය පැවැත්වීමට අපි හුගක් උත්සාහ කළා. නමුත් මේ වන විට තුර්කිය තුළ පවතින තත්ත්වය සහ පනවා ඇති සංචරණ සීමාවලට අනුව ජූනි ම‍ාස‍ෙයේදී අපිට එහි යෑමට නොහැකි වේවි කියලා මම හිතනවා.” යැයි ‍ ෆෝමියුලා-1 සභාපති ‍ස්ටෙෆානෝ ඩොමෙනිකලි මහතා පැවසීය.

“ගැටලුවක් ඇතිවූ වහාම ඊට ප්‍රතිචාර දැක්වීමටත් නිසි පිළියම් යෙදීමටත් හැකි වීම ගැන අපි මහත් සතුටට පත් වෙනවා‍. ඒ ‍වගේම තරග දෙකකට සත්කාරකත්වය සැපයීමට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් අපි ඕස්ට්‍රියාවේ රෙඩ් බුල් ධාවන පථයේ නිලධාරීන්ට ස්තූතිවන්ත වෙනවා. කෙසේ හෝ කාල සටහනට ඇතුළත් තරග 23 ම පැවැත්වීමට අපි හැකි හැම උත්සාහයක්ම ගන්නවා.” යැයිද ඩොමෙනිකලි මහතා කියා සිටියේය.

ඩොමෙනිකලි මහතා එසේ පැවසුවද කොරෝනා වසංගතයේ දැඩි බලපෑම හමුවේ සිංගප්පූරු, ජපන්, ඇමරිකානු, මෙක්සිකානු, බ්‍රසීල, සහ ඕස්ට්‍රේලියානු ගෝන් ප්‍රී තරග පැවැත්වීම අවිශ්චිත තත්ත්වයක පවතින බව වාර්තා වේ. ෆෝමියුලා-1 කාල සටහනට අනුව එම තරග සියල්ල මේ වසරේ ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී පැවැත්වීමට නියමිතව ඇත.

-036

 


අදහස් (0)

තුර්කිය ඉවත්වීමේ හිදැස සිරියාව පුරවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.