Last Update  :  2024-03-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Motorsports ග්‍රෙගරි අභියෝගය 4X4 තරග 24-25

ග්‍රෙගරි අභියෝගය 4X4 තරග 24-25

editorial - 2021 අප්‍රේ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

------------------
ශානුක අරවින්ද
-------------------

නුවරඑළිය 4X4 සංගමය 11 වැනි වරටත් සංවිධානය කරන ‘ග්‍රෙගරි අභියෝගය’ 4X4 ජීප් රථ තරගාවලිය මේ මස 24 සහ 25 යන දිනවල නුවරඑළියේදී පැවැත්වේ. මෙම තරගාවලිය නවීකරණය නොකළ (ස්ටෑන්ඩඩ්) සහ අත්‍යන්ත (එක්ස්ටී්‍රම්) ලෙස අදියර දෙකකින් පැවැත්වෙන අතර එහි ස්ටෑන්ඩඩ් අදියර 24 වැනිදා පෙරවරු 10.00 ටද, එක්ස්ටී්‍රම් අදියර 25 වැනිදා පෙරවරු 10.00 ටද ආරම්භ වීමට නියමිතය.

නවීකරණය නොකළ, නවීකරණය කළ සහ කාන්තා ලෙස කාණ්ඩ 3 ක් යටතේ පැවැත්වෙන ස්ටෑන්ඩඩ් අදියර සඳහා තරගකරුවෝ 60 ක් පමණද, එක්ස්ට්‍රීම් අදියර සඳහා තරගකරුවෝ 20 ක් පමණද සහභාගීවන බව සංවිධායකයෝ පවසති.

අවසන් වරට (2019 වසරේදී) පැවැති ‘ග්‍රෙගරි අභියෝග’ 4X4 ජීප් රථ තරගාවලියේ එක්ස්ටී්‍රම් අදියර ජයගැනීමට දමිත් නිස්සංක සහ චරිත් මධුෂංක සමත් වූහ.

කොරෝනා වසංගතය බලපෑම හේතුවෙන් නරඹනන්නට තරගාවලිය පැවැත්වෙන පරිශ්‍රය තුළට ඇතුළුවීම තහනම් කර ඇති අතර තරගකරුවන්ට සහ ඔවුන්ගේ සහයක කණ්ඩායම්වලට පමණක් ඊට ඇතුළුවීමට සංවිධායකයන් අවසර දී තිබේ.

මෙල්වා සමාගමේ ප්‍රධාන අනුග්‍රහය යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේ සෑම කාණ්ඩයකම ජයග්‍රාහකයන් සඳහා කුසලාන සහ සහතිකපත් පිරිනැමීමට සංවිධායකයෝ සූදානමින් සිටිති.

 


අදහස් (0)

ග්‍රෙගරි අභියෝගය 4X4 තරග 24-25

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.