Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Motorsports කොත්මලේ කඳු තරණය මැයි 1 - 2

කොත්මලේ කඳු තරණය මැයි 1 - 2

editorial - 2021 අප්‍රේ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

-----------------------
ෂේන් සෙනෙවිරත්න
------------------------

සෙංකඩගල මෝටර් රථ ක්‍රීඩා සමාජය සහ ශ්‍රී ලංකා යතුරපැදි ක්‍රීඩා සමාජය එක්ව සංවිධානය කරන ‘කොත්මලේ කඳු තරණය’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය මැයි මස 1 සහ 2 යන දිනවලදී පැවැත්වීමට නියමිතය.

වසර 15 කට පසු සංවිධානය කෙරෙන මෙම තරගාවලියට මෝටර් රථ ඉසව් 15 ක්ද යතුරුපැදි ඉසව් 8 ක්ද ඇතුළත් වේ. මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ සියලුම තරගකරුවන් සහභාගී වීමට නියමිත බව සංවිධායකයෝ පවසති.

සිලින්ඩර ධාරිතාව 1000 තරගයේ සිට සිලින්ඩර ධාරිතාව 3500 තරගය දක්වා මෝටර් රථ ඉසව් රැසකින්ද, සිලින්ඩර ධාරිතාව 100 තරගයේ සිට සිලින්ඩර ධාරිතාව 1000 තරගය දක්වා යතුරුපැදි තරග රැසකින්ද මෙම තරගාවලිය සමන්විත වනු ඇත.

මැයි මස 1 වැනිදා පෙරවරු 7.00 සිට පස්වරු 2.00 දක්වා සියලු තරග වල පෙරහුරු පැවැත්වේ. මැයි මස 2 වැනිදා පෙරවරු 7.00 සිට පස්වරු 2.00 දක්වා තරගාවලිය පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ සිටි ජ්‍යෙෂ්ඨතම මෝටර් රථ රථ ධාවකයකු වු  ආනන්ද ක්‍රිශ්නරත්න මහතා නමින් තරගාවලියේ වේගවත්ම මෝටර් රථ රියදුරා සඳහා සම්මානය පිරිනැමේ. හිටපු යතුරු පැදි ධාවකයකු වූ නිමල් චන්ද්‍ර මහතා නමින් වේගවත්ම යතුරුපැදිකරුවා සඳහා ශූරතා කුසලාන පිරිනැමීමට සංවිධායකයෝ සූදානමින් සිටිති.

රටේ පවතින කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් තරගාවලිය නැරඹීම සඳහා කිසිවකුට අවසර නොලැබේ. එහි සජීවී විකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් මේ වන විටත් සාකච්ඡා මට්ටමේ පවතින බව සංවිධායකයෝ පවසති.

 


අදහස් (0)

කොත්මලේ කඳු තරණය මැයි 1 - 2

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.