Last Update  :  2025-10-02 21:46:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Motorsports ආසියා ශාන්තිකර කලාපීය මෝටර් රථ තරගාවලියේ අනු ශූරතාව ශ්‍රී ලංකාවට

ආසියා ශාන්තිකර කලාපීය මෝටර් රථ තරගාවලියේ අනු ශූරතාව ශ්‍රී ලංකාවට

editorial - 2025 සැප් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ලෝක මෝටර් රථ සම්මේලනයේ මඟපෙන්වීම යටතේ සිලෝන් මෝටර් රථ ක්‍රීඩා සමාජය සංවිධානය කළ ආසියා ශාන්තිකර කලාපීය මෝටර් රථ තරගාවලියේ අනු ශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. පිලිපීනය විසින් තරගාවලියේ ශූරතාව දිනාගනු ලැබූ අතර හොං කොං රාජ්‍යය තෙවැනි ස්ථනය හිමිවිය. 

බණ්ඩාරගම, ස්පීඩිබේ කාටින් ධාවන පථයේදී පැවැති මෙම තරගාවලියේදී රන් පදක්කම් 2 ක්, රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කමක් දිනාගනිමින් ශ්‍රී ලංකාව අනු ශූරතාවට හිමිකම් කීවේය. පිලිපීනය ශූරතාවට හිමිකම් කීවේ රන් පදක්කම් 2 ක්, රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් 2 ක් දිනාගනිමිනි. 

රන් පදක්කම් 2 ක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 2 ක් දිනාගනිමින් හොං කොං රාජ්‍යය තරගාවලියේ තෙවැනි ස්ථානයට හිමිකම් කී අතර මැලේසියාව එහි සිවුවැනි ස්ථානයට පත් වූයේ රන් පදක්කමක්, රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් 2 ක් දිනාගනිමිනි. 

එහිදී ක්‍රොස් කාර් ඔටෝ ක්‍රොස් ඉසව්වට සහභාගි වූ අශාන් සිල්වා සහ කාටින් ස්ලාලොම් (කනිෂ්ඨ) ඉසව්වට සහභාගි වූ අනීෂ් සමරජීව ශ්‍රී ලංකාව වෙනුවෙන් රන් පදක්කම් දිනාගත්හ. ශ්‍රී ලංකාවට හිමි වූ රිදී පදක්කම් දෙකෙන් කාටින් ස්ප්‍රින්ට් (කනිෂ්ඨ) ඉසව්වේදී ටෙහාන් අමරසිරි දිනාගත් රිදී පදක්කමද වැඩි අවදානයකට ලක් විය. 

ආසියානු ශාන්තිකර කලාපීය මෝටර් රථ තරගාවලිය මෙරටදී පැවැති පළමු අවස්ථාව මෙය වන අතර ඊට රටවල් 18 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 200 ක් පමණ සහභාගි වූහ. එහිදී කාණ්ඩ 6 ක් යටතේ තරග පැවැත්වීමට සංවිධායකයන් කටයුතු යොදා තිබිණ. 


-036


අදහස් (0)

ආසියා ශාන්තිකර කලාපීය මෝටර් රථ තරගාවලියේ අනු ශූරතාව ශ්‍රී ලංකාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.