Last Update  :  2024-05-09 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ‘ලීනිං ශ්‍රී ලංකා’ බැඩ්මින්ටන් තරගාවලිය ගාල්ලේදී

‘ලීනිං ශ්‍රී ලංකා’ බැඩ්මින්ටන් තරගාවලිය ගාල්ලේදී

editorial - 2024 ජන මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ලෝක බැඞ්මින්ටන් සම්මේලනයේ සහ ආසියානු බැඞ්මින්ටන් සංගමයේ අනුමැතිය යටතේ ශ්‍රී ලංකා බැඞ්මින්ටන් ආයතනයේ සංවිධානය කරන ‘ලීනිං ශ්‍රී ලංකා’ ජාත්‍යන්තර බැඞ්මින්ටන් තරගාවලිය එළබෙන පෙබරවාරි මස 5 වැනිදා සිට 11 වැනිදා දක්වා ගාල්ල දිස්ත්‍රික් දඩල්ල ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය. 

ලොව පුරා රටවල් 19 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300 කට අධික සංඛ්‍යාවක් තරග වදින මෙම තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් අතරේ බෙදා දීමට නියමිත මුළු මුදල අමෙරිකානු ඩොලර් 15,000 කි.  තරගාවලියේ තරග සැකැස්ම මෙම මස 23 වැනිදා සිදුකෙරෙන අතර සුදුසුකම් ලැබීමේ තරග පෙබරවාරි 5 සහ 6 යන දිනවලදී පැවැත්වේ.

මූලික වටයේ තරග පෙබරවාරි 6, 7 සහ 8 යන දිනවලදී පැවැත්වෙන අතර අර්ධ අවසන් පූර්ව තරග 9 වැනිදාද, අවසන් පූර්ව තරග 10 වැනිදාද, අවසන් මහ තරග 11 වැනිදාද පැවැත්වීමට සංවිධායකයෝ සූදානමින් සිටිති. එහිදී පිරිමි කේවල, පිරිමි යුගල, කාන්තා කේවල, කාන්තා යුගල සහ මිශ්‍ර යුගල යන කාණ්ඩ 5 යටතේ තරග පැවැත්වෙනු ඇත. 


අදහස් (0)

‘ලීනිං ශ්‍රී ලංකා’ බැඩ්මින්ටන් තරගාවලිය ගාල්ලේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.