Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ‘ප්‍රීමා’ කුසලාන අවසන් තරගය හෙට-අනිද්දා

‘ප්‍රීමා’ කුසලාන අවසන් තරගය හෙට-අනිද්දා

සංජය එරමුදුගොඩ - 2016 සැප් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ප්‍රීමා සමූහ ව්‍යාපාරය එක්ව 10 වැනි වරටත් සංවිධානය කරන ‘ප්‍රීමා’ කුසලාන වයස 15 න් පහළ අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලිය අවසන් අදියර දක්වා පැමිණ ඇති අතර අවසන් මහා තරගය දෙදින තරගයක් ලෙස හෙට සහ අනිද්දා (29- සහ 30) එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මූලික වටයේ තරග පහකට සහභාගිවූ බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායම ඉන් තරග හතරක් ජයගත් අතර ප්‍රසාද ලකුණු 16 ක් ලබාගනිමින් ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත්විය. අවසන් පූර්ව තරගයේදී දකුණු පළාත් කණ්ඩායමට එරෙහිව ලකුණු 69 ක ජයක් වාර්තා කරමින් අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායම සමත්වූයේය.

මූලික වටයේ තරග පහකට සහභාගිවූ බස්නාහිර පළාත් දකුණ (පිටත) කණ්ඩායම තරග පහම ජයගත් අතර ප්‍රසාද ලකුණු 20 ක් ලබාගනිමින් ‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත්විය. අවසන් පූර්ව තරගයේදී බස්නාහිර පළාත් උතුර (පිටත) කණ්ඩායමට එරෙහිව ලකුණු 67 ක ජයක් වාර්තා කරමින් අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට බස්නාහිර පළාත් දකුණ (පිටත) කණ්ඩායම සමත්වූයේය.

එක්දින තරගාවලිය ඕවර 50 කට සීමාවුවද අවසන් තරගය දෙදින තරගයන් වන බැවින් වැඩි කාලයක් කඩුල්ලේ රැදී සිටිමින් ලකුණු රැස්කර ගන්නා කණ්ඩායමට තරගය ජයගැනීමට අවස්ථාව ඇත.

දෙපිලේම පිතිකරුවන් මෙන්ම පන්දු යවන්නන්ද කරට කර සිටීම හේතුවෙන් අවසන් තරගය දැඩි තරගකාරී ස්භාවයක් ගනු ඇති බවට අනුමාණ කළහැකිය.

එක්දින තරගාවලියේදී බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායම වෙනුවෙන් තරග හයකට ක්‍රීඩා කරමින් ලකුණු 195 ක් ලබාගත් ලෙෂාන් අමරසිංහ තරගාවලියේ වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන් අතර තෙවැනි ස්ථානයට පත්විය. ඔහු ලබාගත් ලකුණු 195 සදහා එක් අර්ධ ශතකයක් ඇතුලත්වූ අතර රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලකුණු 71 ක් සහ ලකුණූ ලබාගැනීමේ සාමාන්‍යය 32.50කී.

බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායමේ ලකුණු අතර සිටින තවත් පිතිකරුවකුවන පවන් රත්නායක තරග හයකදී අර්ධ ශතක දෙකක් සමගින් ලකුණු 184 ක් රැස්කර ගැනීමට සමත්වී ඇත. රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලකුණු 72 ක් වන අතර ලකුණූ ලබාගැනීමේ සාමාන්‍යය 36.80කී.

බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායම වෙනුවෙන් තරගාවලිය පුරා පන්දුවෙන් දස්කම්පෑ අමිත දාබරේ තරග හයකදී කඩුලු 13 ක් දවාගනිමින් වැඩිම කඩුලු ලාභීන් අතර දෙවැනි ස්ථානයට පත්ව ඇති අතර තෂික නිර්මාල් සහ මිරංග වික්‍රමතිලක කඩුලු 10 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත්වූහ.

ලකුණු 31 කට කඩුලු හයක් දවාගෙන ඇති තෂික නිර්මාල් තරගාවලියේ හොදම පන්දු යැවීම වාර්තාකිරීමට සමත්වී ඇත.

බස්නාහිර පළාත් දකුණ (පිටත) කණ්ඩායම වෙනුවෙන් තරග හයකට ක්‍රීඩාකරමින් අර්ධ ශතක දෙකක් සමගින් ලකුණු 191 ක් රැස්කරමින් කවිඳු උමයංගත්, අර්ධ ශතකයක් සමගින් ලකුණු 163 ක් රැස්කරමින් ශෙරන් ලියනගේත් පිත්තෙන් දස්කම් දැක්වීමට සමත්වූහ. කවිඳු උමයංග රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලකුණු 73 ක්වූ අතර ශෙරන් ලියනගේ ලකුණු 64 ක් රැස්කිරීමට සමත්විය.

පන්දුයැවීමේදී අවිශ්ක ලක්ෂාන් තරග පහකදී කඩුලු 12 ක්ද, ළහිරු මදුෂංක තරග හයකදී කඩුලු 12 ක් සහ රොහාන් සංජය තරග හයකදී කඩුලු 10 ක්ද දවාගනිමින් බස්නාහිර පළාත් දකුණ (පිටත) කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත්වූහ.

අවසන් මහා තරගය දෙදින පුරා සජීවී විකාශනයක්ද සහිතව ශ්‍රී ලංකා ජාතික රූපවාහිණී සංස්ථාවේ අයි චැනලය ඔස්සේ පැවැත්වීමට සැලසුම් කර ඇත.

 

බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායම
මිරංග මදුශාන් (නායක), විනුක රූබසිංහ, අමිත දාබරේ, ළහිරු සමරනායක, ශරල ගුණතිලක, ලෙශාන් අමරසිංහ, තක්ශිල නිර්මාල්, සම්පත් නිස්සංක, යසිරු කස්තුරිආරච්චී, ශශික චන්දිර, සදුනිල් සංකල්ප, තෙවිදු සේනාරත්න, කාවින්ද ඊස්වර, කවිඳු පතිරත්න, චමත් යටවර, ටෙරන් ශෙනාල්, පවන් රත්නායක, මනීෂ රූපසිංහ, තිටිර වීරසිංහ,
ජීවන්ත කුළතුංග (පුහුණුකරු)

බස්නාහිර පළාත් දකුණ (පිටත) කණ්ඩායම
කමිල් මිෂාර (නායක), ශෙරන් ලියනගේ, රොහාන් සංජය, විහඟ ගුණරත්න, කවිඳු උමයංග, දුමිත් නිම්හාන, රනේෂ් දුමින්ද, අශාන් දිල්හාර, ළහිරු මදුශංක, අවිෂ්ක ලක්ෂාන්, තදුල කවීෂ, සාංචන ලංකා, මිහිරංග හර්ෂණ, තරණ ගාන්ධාර, ශෙරන් ලක්ෂිත,
නිරෝෂන් බණ්ඩාරතිලක (පුහුණුකරු)


 

 

 


අදහස් (0)

‘ප්‍රීමා’ කුසලාන අවසන් තරගය හෙට-අනිද්දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.