Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ මූලික වටය අවසානයේ ‘ඩී’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට පූර්ණ ජයග්‍රහණ 5 ක් සහ මුල් ඉනිමේ ජයග්‍රහණ 2 ක් සමගින් ලකුණු 144.74 ක් ලබාගත් ගාල්ල මහින්ද විදුහල සමත් විය.
පූර්ණ ජයග්‍රහණ 3 ක් සහ මුල් ඉනිමේ ජයග්‍රහණ 5 ක් සමගින් ලකුණු 132.37 ක් ලබාගත් ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලට ‘ඩී’ කාණ්ඩයේ දෙවැනි ස්ථානය හිමිවිය.
මහින්ද විදුහල සහ ශාන්ත තෝමස් විදුහල සමගින් මරදාන ශාන්ත ජොෂප් විදුහල සහ කොළඹ ආනන්ද විදුහලද ‘ඩී’ කාණ්ඩයෙන් තරගාවලියේ පෙර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.