Last Update  :  2025-12-28 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ‘එකමුතු’ කණ්ඩායම එංගලන්තයේ තරග සංචාරයක

‘එකමුතු’ කණ්ඩායම එංගලන්තයේ තරග සංචාරයක

සංජය එරමුදුගොඩ - 2014 ජුනි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගුණජය සතුට පදනම වාර්ෂිකව සංවිධානය කරන ‘මුරලි’ එකමුතු කුසලාන කි‍්‍රකට් තරගාවලියේ පසුගිය වසරේ (2013) දස්කම් දැක්වූ කී‍්‍රඩකයන්ගෙන් තෝරා ගන්නා ලද ‘එකමුතු’ කි‍්‍රකට් කණ්ඩායමක් හෙට (9 වැනිදා) එංගලන්තය  බලා පිටත්ව යයි.

මෙම කණ්ඩායමේ නායකයා ලෙස බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ ජනිත් ලියනගේද උප නායකයා ලෙස යාපනය ශාන්ත ජෝන් විදුහලේ පරමනාතන් තුවරකසීලන්ද කටයුතු කරති.

‘මුරලි’ එකමුතු කුසලාන තරගාවලියේදී පසුගිය වසරේ දස්කම් දැක්වූ පාසල් වල ක‍්‍රීඩකයන් 14 දෙනකු මෙම ‘එකමුතු’ කණ්ඩායමට තෝරාගෙන තිබෙන අතර එම කණ්ඩායම යුද්ධයෙන් පීඩාවට පත් උතුරු සහ නැගෙනහිර පළාත්වල  ක‍්‍රීඩකයෝ හත් දෙනෙක් ඇතුළත්ව සිටිති. එංගලන්ත පිලේ හිටපු නායකයකු මෙන්ම විශිෂ්ටතම තුන් ඉරියව් කී‍්‍රඩකයකුද වූ ශ්‍රීමත් ඉයන් බොතම් මහතාද පසුගිය වසරේ පැවැති මුරලි එකමුතු කුසලාන ක‍්‍රිකට් තරගාවලියට විශේෂ අමුත්තයකු ලෙස සහභාගි විය.  

‘එකමුතු’ කණ්ඩායම එංගලන්තයේ ප‍්‍රධානතම පාසල් කණ්ඩායම් තුනක් සමග තරග තුනකට සහභගි වීමට නියමිතය. ඒ අනුව මේ මස 11 වැනිදා එමෑනුවෙල් විදුහල් පිලට එරෙහිවද 12 වැනිදා ඊටන් විදුහල් පිලට එරෙහිවද 15 වැනිදා ඖන්ඞ්ල් විදුහල් පිලට එරෙහිවද එකමුතු පිල තරග වැදීමට නියමිතය.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ලෝඞ්ස් කී‍්‍රඩාංගණයේදී පැවැවෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේ තරගය නැරඹීමට පැමිණෙන්න’යි මර්ලිබෝන් ක‍්‍රිකට් සමාජය එකමුතු කණ්ඩායමට ආරාධනා කර ඇති අතර එය ශී‍්‍ර ලංකාවේ සාමාන්‍ය පුරවැසියකුට හිමිවන ඉතාමත් දුර්ලභ අවස්ථාවකි. ශී‍්‍ර ලංකාවේ බි‍්‍රතාන්‍ය මහකොමසාරිස් ජෝන් රැුන්කින් මහතා විසින් ‘එකමුතු’ කණ්ඩායමට පසුගිය සිකුරාදා (6 වැනිදා) කොළඹ වෙස්ට්මිනිස්ටර් නිවසේදී තේපැන් සංග‍්‍රහයක් සඳහාද ආරාධනා කර තිබිණ.

 

එකමුතු කණ්ඩායම :
ජනිත් ලියනගේ (නායක - බම්බලපිටිය ශාන්ත පීතර විදුහල), පරමනාදන් තුවරකසීලන් (උප නායක - යාපනය ශාන්ත ජෝන් විදුහල), රවීන් සේයර් (මහනුවර ත‍්‍රිත්ව විදුහල), මනෝකරන් දික්ෂාන් (මඩකලපුව මධ්‍ය විද්‍යාලය), නවුෆර් අස්ලාම් (කින්නියා මධ්‍ය විද්‍යාලය), ජයකුමාර් තනූෂාන් (කිලිනොච්චිය හින්දු විදුහල), අරොක්කියානතන් විනෝෂාන් (මන්නාරම සිත්තිවිනයාර් විදුහල), කනගරත්නම් තනූෂාන් (වව්නියාව දෙමළ ම.ම.වි.), කවීෂ් දිල්රංග (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල), රොෂේන් ප‍්‍රනාන්දු (කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල), කසුන් වීරංග (අනුරාධපුර මධ්‍ය විද්‍යාලය), සුදේෂ් ඉදුනිල් (මොනරාගල නිශ්ශංක මධ්‍ය විද්‍යාලය) සහ ඩිල්ෂාන් කාංචන (රත්ගම දේවපතිරාජ විදුහල)

කළමණාකරු: අනුර ද සිල්වා මහතා සහ සහාය කළමණාකරු: චමින්ද ද සිල්වා මහතා

 

 - 048

---------------------------------------------------------------------------------------------------------------------------------------

සුදේශ්ට කි‍්‍රකට් පිත්තක්

 

මුරලි එකමුතු කණ්ඩායම සමග එංගලන්තය බලා පිටත්ව යන සුදේශ් ඉඳුනිල්ට අවශ්‍ය කි‍්‍රකට් පිත්තක් පරිත්‍යාග කිරීමට එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩල සභිකයකු මෙන්ම ජාතික යොවුන් පෙරමුණේ සභාපති සහ ගම්පහ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රුවන් විජයවර්ධන මහතා පියවර ගත්තේය.

මොණරාගල දිස්ති‍්‍රක්කයේ පැවැති සාමාජික ප‍්‍රවර්ධන වැඩසටහනකදී රුවන් විජයවර්ධන මහතා මුණගැසුනු සුදේශ් ඉඳුනිල් විසින් කරන ලද ඉල්ලීමක් අනුව රුපියල් 25,000 ක් පමණ වටිනා කි‍්‍රකට් පිත්තක් ඔහුට පරිත්‍යාග කෙරිණ.


(සටහන සහ ඡයාරූපය : ඩික්සන් වසන්ත)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


අදහස් (0)

‘එකමුතු’ කණ්ඩායම එංගලන්තයේ තරග සංචාරයක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.