Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන වයස 18 න් පහළ අන්තර් පාසල් සත් සමාජික රග්බි තරගාවලිය හෙට (30 වැනිදා) සහ අනිද්දා (31 වැනිදා) ්මහනුවර, බෝගම්බර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
කණ්ඩායම් 24 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ මූලික වටයේ තරග ‘ඒ’, ‘බී’, ‘සී’, ‘ඩී’, ’ඊ’, ‘එෆ්’, ‘ජී’, සහ ‘එච්’ යන කාණ්ඩ 8 ක් යටතේ පැවැත්වේ. මූලික වටයේදී සෑම කණ්ඩායමක්ම තමන් නියෝජනය කරන කාණ්ඩයේ සිටින සෙසු කණ්ඩායම් දෙකට එරෙහිව තරග වැදීමට නියමිතය.
එහිදී ලබන ජයග්‍රහණ සහ පරාජයන් අනුව ඒ ඒ කණ්ඩායම් පිළිමළුන් පිටුදැකීමේ වටයේදී තරග වදින ආකාරය තීරණය වනු ඇත. මූලික වටය අවසානයේ සෑම කාණ්ඩයකම පළමු ස්ථාන හිමිකරගන්නා කණ්ඩායම් පිළිමළුන් පිටුදැකීමේ වටයේදී කුසලාන සහ පළඟ ශූරතාවන් වෙනුවෙන් තරග වැදීමට සුදුසුකම් ලබනු ඇත.
එම කණ්ඩායම් 8 න් පිළිමළුන් පිටුදැකීමේ වටයේදී පරාජයට පත්වන කණ්ඩායම් 4 ට පළඟ ශූරතාව වෙනුවෙන් තරග වැදීමට සිදුවනු ඇත. එහිදී ජයග්‍රහණ ලබන කණ්ඩායම් 4 තවදුරටත් කුසලාන ශූරතාව වෙනුවෙන් තරග වැදීමට අවස්ථාව උදාකරගනු ඇත.
මූලික වටයේදී එක් එක් කාණ්ඩවල දෙවැනි සහ තෙවැනි ස්ථානවලට පත්වන කණ්ඩායම් පිළිමළුන් පිටුදැකීමේ වටයේදී බඳුන සහ පලිහ ශූරතා වෙනුවෙන් තරග වැදීමට නියමිතය. සියලුම අවසන් මහ තරග අනිද්දා පස්වරුවේදී පැවැත්වේ.
‘බ්‍රැඩ්බි පලිහ’ වාර්ෂික රග්බි තරගාවලිය හේතුවෙන් කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල මෙම තරගාවලියට සහභාගි නොවේ. බ්‍රැඩ්බි පලිහ තරගාවලියේ පළමු අදියර මෙම මස 23 වැනිදා පල්ලෙකැළේ රග්බි ක්‍රීඩාංගණයේදී පැවැති අතර දෙවැනි අදියර සැප්තැම්බර් මස 6 වැනිදා රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
‘ඒ’ කාණ්ඩය
කොළඹ ඉසිපතන විදුහල, කොළඹ ආනන්ද විදුහල සහ ගාල්ල ශාන්ත ඇවීෂියස් විදුහල
‘බී’ කාණ්ඩය
බම්බලපිටිය ශාන්ත පීතර විදුහල, කොළඹ මහානාම විදුහල සහ පාදුක්ක සිරි පියරතන විදුහල
‘සී’ කාණ්ඩය
මරදාන ශාන්ත ජෝෂප් විදුහල, මහනුවර ශ්‍රී සුමංගල විදුහල සහ නුගවෙල මැදි විදුහල
‘ඩී’ කාණ්ඩය
කොළඹ ඩී.එස්. සේනානායක විදුහල, ගල්කිස්ස විද්‍යා විදුහල සහ කොටහේන ශාන්ත බෙනඩික් විදුහල
‘ඊ’ කාණ්ඩය
මරදාන සහිරා විදුහල, කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල සහ මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහල
‘එෆ්’ කාණ්ඩය
කොළඹ වෙස්ලි විදුහල, මහනුවර කිංග්ස්වුඩ් විදුහල සහ පානදුර ශ්‍රී සුමංගල විදුහල
‘ජී’ කාණ්ඩය
මහනුවර විද්‍යාර්ථ විදුහල, මොරටුව වේල්ස් කුමර විදුහල සහ කුරුණෑගල මලියදේව විදුහල
‘එච්’ කාණ්ඩය
මහනුවර ධර්මරාජ විදුහල, කොළඹ තර්ස්ටන් විදුහල සහ කොළඹ ලුම්බිණි විදුහල
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.