Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ෆාසිල් රිම්සාන්ව ගෙදර යවයි

ෆාසිල් රිම්සාන්ව ගෙදර යවයි

සංජය එරමුදුගොඩ - 2018 ජුලි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අජ්වඞ් හෂීම් අනුස්මරණ සික්ස් රෙඞ් ස්නූකර් තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී කිව් කැෆේ ක්‍රීඩා සමාජයේ ආධුනික ක්‍රීඩක මොහොමඞ් ෆාසිල් විසින් ක්‍රිස්තියානි කටයුතු සංගමයේ මොහොමඞ් රිම්සාන් පරාජය කිරීමට සමත්විය. එම තරගයෙන් ෆාසිල් වට 3-1ක් ලෙස ජයගත්තේය.

මොහොමඞ් රිම්සාන් ඊයේ (02) දිනයේදී ලකුණු 67ක් ලබාගනිමින් නව තරග වාර්තාවක් පිහිටුවීමට හැකි වුවත් අද දවසේ අවාසනාවන්ත ලෙස තරගමාලාවෙන් ඉවත් වීමට සිදුවිය.
 
ක්‍රීඩකයින් 134 දෙනෙකුගෙන් සමන්විත මෙම තරගමාලාවේ අවසන් පූර්ව වටයේ තරග අද (03) ශ්‍රී ලංකා මෝටර් රථ ධාවකයන්ගේ සංගමයේ බිලියඞ් සංකීර්ණයේ සහ කොළඹ කිව් කැෆේහිදී පැවැත්විණ.

එම අවසන් පූර්ව වටයේ තරගාවලියෙන් ජයගැනීමට මොහොමඞ් ෆාසිල් (කිව් කැෆේ ක්‍රීඩා සමාජය), අනුරුද්ධ හිග්ගොඩ (ඕටර්ස් ක්‍රීඩා සමාජය), ආශික් හුසේන් (මුවර්ස් ක්‍රීඩා සමාජය) සහ එම්. ඩී. ආර්. ජයසුන්දර (බෑන්ඞ් ස්ටාර් ක්‍රීඩා සමාජය) යන ක්‍රීඩකයෝ සමත්වූහ.


තරග ප්‍රතිඵල

මොහොමඞ් ෆාසිල් (කිව් කැෆේ ක්‍රීඩා සමාජය) විසින් මොහොමඞ් රිම්සාන් (ක්‍රිස්තියානු කටයුතු සංගමය) තරග වට 3-1ක් ලෙස පරාජය කරන ලදී.

අනුරුද්ධ හිග්ගොඩ (ඕටර්ස් ක්‍රීඩා සමාජය) විසින් එම්. එස්. එම්. රශිඞ් (8 පූල් පාලර් ක්‍රීඩා සමාජය) තරග වට 3-0ක් ලෙස පරාජය කරන ලදී.

ආශික් හුසේන් (මුවර්ස් ක්‍රීඩා සමාජය) විසින් සාහිල් උල් රහුමාන් (මුස්ලිම් ඉස්ලාමීය ක්‍රීඩා සමාජය) තරග වට 3-0ක් ලෙස පරාජය කරන ලදී.

එම්. ඩී. ආර්. ජයසුන්දර (බෑන්ඞ් ස්ටාර් ක්‍රීඩා සමාජය) විසින් ජේ. එම්. ජී. ඩී. බණ්ඩාර (ශ්‍රී ලංකා යුද හමුදාව) තරග වට 3-0 ක් ලෙස පරාජය කරන ලදී.

- 092

 


අදහස් (0)

ෆාසිල් රිම්සාන්ව ගෙදර යවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.