ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය සහ මොරටුව ෆිට් වීල් ක්‍රීඩා සමාජය එක්ව සංවිධානය කරන ‘ෆිට් වීල් අභියෝග’ විවෘත පාපැදි සවාරිය ලබන අගෝස්තු මස 5 වැනිදා මොරටුවේදී පැවැත්වේ. ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ අධීක්ෂණයෙන් යටතේ ජාත්‍යන්තර පාපැදි සම්මේනයේ නීති රෙගුලාසි වලට අනුව මෙම පාපැදි සවාරිය පැවැත්වේ.
පාපැදි සම්මේලනයේ මෙම වසරට බලපත්‍ර හිමි වයස අවුරුදු 23 න් පහළ සහ සුපිරි යන වර්ගීකරණයන්ට අයත් ක්‍රීඩකයන්ට මෙම පාපැදි සවාරිය සඳහා සහාභාගි විය හැකිය. මොරටුව රාවතාවත්ත ‘ක්‍රිකට් ෂොප්’ අළෙවිසැල ඉදිරිපිටින් පෙරවරු 10.30 ඇරැඹෙන පාපැදි සවාරිය වට හතරකින් සමන්විත වේ.
පානදුර නව ගාලු පාරෙන් ඉදිරියට ගොස්, මෝදර වට රවුම පසුකර, පානදුර වලාන වට රවුමෙන් දකුණට හරවා, පානදුර ඔරලෝසු කණුව හංදියෙන් වමට හරවා, බණ්ඩාරගම හංදියෙන් වමට හරවා, වැල්මිල්ල, කිදෙල්පිටිය, මඩපාතට පැමිණ කැස්බෑවෙන් වමට හරවා, පිලියන්දල හංදියට පැමිණ, පිලියන්දල හංදියෙන් වමට හරවා, කොස්පැලැන පාලමෙන් දකුණට හරවා, කටුබැද්ද හංදියෙන් වමට හරවා, නැවතත් මොරටුව රාවතාවත්තට පැමිණීමෙන් තරගය නිමාවට පත්වේ.
පාපැදි සවාරියේ මුලු දුර කිලෝ මීටර් 156 ක් වන අතර එක් වටයක් කිලෝ මීටර් 39 ක දුරකින් සමනවිත වන බව පාපැදි සම්මේලනයේ නිලධාරියෙක් පැවසීය.
තරගයේ ජයග්‍රාහකයාට රුපියල් 50,000 ක් පිරිනැමෙන අතර දෙවැනි ස්ථානයේ සිට හයවැනි ස්ථානය දක්වා පිළිවලින් රුපියල් 40,000 ක්, 30,000 ක්, 25,000 ක්, 20,000 ක් සහ 15,000 ක් බැගින් මුදල් ත්‍යාග පිරිනැමෙන බව ෆිට් වීල් ක්‍රීඩා සමාජයේ ප්‍රධාන සංවිධායක ජාන් රණසූරිය මහතා පැවසීය.
හත්වැනි ස්ථානයේ සිට දහවැනි ස්ථානය දක්වා 10,000 ක් සහ 11 වැනි ස්ථානයේ සිට 15 වැනි ස්ථානය දක්වා රුපියල් 5,000 ක් බැගින් පිරිනැමීමටද, ස්ප්‍රින්ට් අදියර ජයග්‍රාහකයින්ට රුපියල් 2,000 බැගින් පිරිනැමීමටද සංවිධායකයෝ සූදානමින් සිටිති.
තරගයට අදාල අයැදුම්පත් අගෝස්තු මස 3 වැනිදාට පෙර ‘ෆිට් වීල් ක්‍රීඩා සමාජය නො.5, වේ`ථවනාරාම පාර, රාවතාවත්ත, මොරටුව’ යන ලිපිනයට යොමු කළ යුතුය. තරගාවලිය පිළිබඳ වැඩිදුර විස්තර 071 4232888 යන දුරකථන අංකය ඔස්සේ ජාන් රණසූරිය මහතා ඇමතීමෙන් ලබාගත හැකිය.
-092
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.