එංගලන්තයේදී ශ‍්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම නියෝජනය කරමින් සිටින ළහිරු ගමගේ ශ‍්‍රී ලංකාව සහ පකිස්තානය අතර හෙට (14 දා) ආරම්භ වන දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගය සඳහා ගෙන්වීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.
පළමු තරගයට ක‍්‍රීඩා කළ ශමින්ද එරංග මේ වන විටත් ටෙස්ට් සංචිතයට ඇතුළත්ව සිටින නමුත් ඔහු ආබාධයකට ලක්ව සිටීම නිසා සූදානමින් සිටීමක් ලෙස ළහිරු ගමගේ හදිසියේම ශී‍්‍ර ලංකාවට ගෙන්වීමට පියවර ගෙන තිබේ. යම් හෙයකින් ශමින්ද එරංග තරගය සඳහා කී‍්‍රඩා කිරීමට තරම් සුදුසු තත්ත්වයක නොසිටින්නේ නම් හෙට තරගයේදී ළහිරු ගමගේට ටෙස්ට් වරම් හිමිකරගැනීමේ අවස්ථාවක් ඇති බවද දැනගන්නට ඇත.
තවමත් 26 හැවිරිදි ළහිරු ගමගේ දකුණත් මඳ වේග පන්දු යවන්නකු වන අතර ඔහු පළමු පෙළ තරග 43 කදී කඩුලූ 93 ක් බිඳ හෙළීමට සමත්වී තිබේ. ශ‍්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමග එංගලන්ත සංචාරයට සහභාගිවෙමින් පන්දු යවන්නෙකු ලෙස දක්‍ෂතා දැක්වීමට ළහිරු ගමගේ සමත්ව තිබේ.
ශ‍්‍රී ලංකා ඒ කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයට සහභාගිවෙමින් සිටින දිමුත් කරුණාරත්නවද දෙවැනි ටෙස්ට් තරගය සඳහා ගෙන්වීමට තේරීම් කමිටුව පියවර ගත් අතර ඔහුට බොහෝ දුරට අනිද්දා තරගයේදී උපුල් තරංග වෙනුවට ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස ක‍්‍රීඩා කිරීමට නියමිතය.
19 හැවිරිදි බිනුර ප‍්‍රනාන්දු ශ‍්‍රී ලංකා සංචිතයට එක්කර තිබුණත් තරගයට කී‍්‍රඩා කිරීම සඳහා ඔහුට අවස්ථාවක් ලැබේවිද යන්න සැකසහිත බවත් වාර්තා වේ.
033
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.