Last Update  :  2025-12-28 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ළහිරු පරදා රන්දේව් යළි පෙරමුණට

ළහිරු පරදා රන්දේව් යළි පෙරමුණට

සංජය එරමුදුගොඩ - 2014 අප්‍රේ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘බාටා - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනපි‍්‍රයම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ 15 වැනි සතිය නිමාවන විට යළිත් සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණට පැමිණීමට කොළඹ රාජකීය විදුහලේ රන්දේව් පතිරණ සමත් විය.

පසුගිය සතියේ ලබාගත් ඡන්ද 6097 ත් සමඟ මේ වන විට ඔහුගේ මුළු ඡන්ද සංඛ්‍යාව 40453 ක් දක්වා ඉහළ ගොස් ඇත.  

ඉකුත් සතියේදී එම කාණ්ඩයේ පෙරමුණේ රැදීසිටි කඳාන ද මැසිනොද් විදුහලේ ළහිරු වික‍්‍රමසිංහ දෙවැනි තැනට පත්කරමින් රන්දේව් පතිරණ නැවතත් තම ස්ථානය තහවුරුකර ගැනීමට සමත්වී ඇත. ළහිරු  වික‍්‍රමසිංහට ගෙවීගිය සතිය තුළදී ලබාගැනීමට හැකිවී ඇත්තේ ඡන්ද 3312 ක් පමණි. ඒ අනුව ඔහුගේ මුළු ඡන්ද සංඛ්‍යාවද 38367 ක් දක්වා වර්ධනය වී තිබේ.

පානදුර රාජකීය විදුහලේ අකිල ලක්ෂාන් සහ මහනුවර ති‍්‍රත්ව විදුහලේ රවීන් සේයර් පිළිවෙළින් ඡන්ද 8060 ක් සහ 3100 ක් බැගින් ලබාගෙන සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ තෙවැනි සහ සිව්වැනි ස්ථාන වල රැදීසිටිති. කෙසේවුවත් ඔවුන් දෙදෙනා ඉකුත් සතිය තුළදී එකදු ඡන්දයක් හෝ ලබාගැනීමට සමත්වී නැත.

නැගී එන කාණ්ඩයේ කී‍්‍රඩකයන් අතර පෙරමුණේ රැදීසිටින ගාල්ල විද්‍යාලෝක විදුහලේ ධනුෂ්ක ළහිරු , ගෙවී ගිය සතිය තුළදී ලබාගත් ඡන්ද 47 ත් සමග මේ වන විට ඡන්ද 2534 ලබා සිටියි. එම කාණ්ඩයේ දෙවැනි ස්ථානය, ඡන්ද 2096 ක් ලබා සිටින පානදුර ශී‍්‍ර සුමංගල විදුහලේ ළහිරු  විමුක්තිට හිමිවී ඇති අතර ගෙවීගිය සතිය තුළදී ඔහුට ලබාගැනීමට හැකිවී ඇත්තේ ඡන්ද 68 ක් පමණි.

අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ පෙරමුණේ පසුවන ලේටන් පාර්ක් විදුහලේ රොමේෂ් මධුෂාන් ගෙවීගිය සතිය තුළදී ලබාගත් ඡන්ද 957 ත් සමග ඡන්ද 15000 සීමාව පසුකර පසුකරයෑමට සමත්වී ඇත. මේ වනවිට මුලූ ඡන්ද 15952 කට හිමිකම් කීමට ඔහු සමත්ව සිටියි.

එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවන නුගේගොඩ ලයිසියම් විදුහලේ රසාංජන මල්ලිකාරච්චි ගෙවීගිය සතිය තුළදී ඡන්ද 156 ක් ලබාගෙන ඇත. ඒ අනුව ඔහුගේ මුලූ ඡන්ද සංඛ්‍යාව 4761 කි.

මෙම තරගයට අදාළ කූපන්පත් විජය පුවත්පත් අයතනයේ, දිනපතා ප‍්‍රකාශයට පත්වන ‘ලංකාදීප’ සහ ‘ඬේලි මිරර්’ පුවත්පත්වලත්, සති අන්තයේ පළවන ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතෙත් පළවේ. ඒ අනුව තමන් කැමතිම කී‍්‍රීඩකයා වෙනුවෙන් මනාපය පළ කිරීමට මැයි 30 වැනිදා දක්වා පාඨකයන්ට අවස්ථාව තිබේ.

 

සමස්ත ලංකා පාසල් කාණ්ඩය 

කී‍්‍රඩකයා       පාසල  ඡන්ද
රන්දේව් පතිරණ කොළඹ රාජකීය විදුහල 40453
ළහිරු  වික‍්‍රමසිංහ කඳාන ද මැසිනොද් විදුහල 38367
අකිල ලක්ෂාන්   පානදුර රාජකීය විදුහල 8060
රවීන් සේයර්  මහනුවර ති‍්‍රත්ව විදුහල 3100
පි‍්‍රයමාල් පෙරේරා   කොළඹ ශාන්ත ජෝෂප් විදුහල 2679
නිමේෂ් ගුණසිංහ කටුගස්තොට ශා. අන්තෝනි විදුහල 2632
ඒ. කේ. ටිරෝන් ගාල්ල රිච්මන්ඞ් විදුහල 2598
කුසල් මෙන්ඩිස්   මොරටුව වේල්ස්කුමර විදුහල 2068
මධුෂාන් චමීර  කොළඹ ඉසිපතන විදුහල 2114
යශාන් සමරසිංහ කොළඹ ශාන්ත ජෝෂප් විදුහල       2030
සදීර සමරවික‍්‍රම  කොළඹ ශාන්ත ජෝෂප් විදුහල 1794
මින්හාජ් ජලීල්  කොළඹ තර්ස්ටන් විදුහල  1382
තිමිල විද්‍යාසේකර  කොළඹ ඞී. එස්. සේනානායක විදුහල 1318
ශෙහාන් වීරසිංහ කොළඹ සහිරා විදුහල 925
චතුරංග රාජපක්ෂ  මීගමුව මාරිස්ටෙලාද විදුහල  700
සල්මන් ෆසීල්  කොළඹ සහිරා විදුහල  669

 

නැගීඑන පාසල් කාණ්ඩය

කී‍්‍රඩකයා       පාසල  ඡන්ද
ධනුෂ්ක ළහිරු   ගාල්ල විද්‍යාලෝක විදුහල  2534
ළහිරු  විමුක්ති පානදුර ශී‍්‍ර සුමංගල විදුහල 2096
කලණ හසරංග  මාතර රාහුල විදුහල 576
හර්ෂ රාජපක්ෂ මාතර රාහුල විදුහල 508
ලසිත ලක්ෂාන් මාතර ශාන්ත තෝමස් විදුහල 319
සචින් ජයකොඩි  වත්තල ශාන්ත අන්තෝනි විදුහල 140

 

අන්තර්ජාතික පාසල් කාණ්ඩය

කී‍්‍රඩකයා       පාසල  ඡන්ද
රොමේෂ් මධුෂාන් ලේටන් පාර්ක් විදුහල 15952
රසාංජන මල්ලිකාරච්චි නුගේගොඩ ලයිසියම් විදුහල 4761
ෆර්සත් ෆාසල් කොළඹ ගේට්වේ විදුහල  319
නිමේෂ පෙරේරා වත්තල ලයිසියම් විදුහල  188

 

පාඨකයින් වෙනුවෙන් ඇති තරගයේදී පහත නම් සඳහන් අය පසු ගිය සතියේ ජයග‍්‍රහණ හිමිකර ගැනීමට සමත්ව ඇත.

ත්‍යාග හිමිකරගත් පාඨකයෝ
1. බිනෝල් කිත්නාල්, නො. 188, කටාන පාර, අකරගම  
2. එන්. අතපත්තු, බතලවත්ත, ඌරව, රූතුඹ, මාතර
3. එල්. වී. එන්. දමයන්ති, නො. 257 බී, සයිමන් ඩයස් මාවත, මාඳුපිටිය, පානදුර
4. රුවන් ලන්සක්කාර, නො. 405, පිටිපන උතුර, හෝමාගම 


අදහස් (0)

ළහිරු පරදා රන්දේව් යළි පෙරමුණට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.