Last Update  :  2025-12-28 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ළහිරු යළි පෙරමුණ ගනී

ළහිරු යළි පෙරමුණ ගනී

සංජය එරමුදුගොඩ - 2014 අප්‍රේ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘බාටා - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනපි‍්‍රයම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ 14 වැනි සතිය නිමාවන විට නැවත වරක් සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණට පැමිණීමට කඳාන ද මැසිනොද් විදුහලේ ළහිරු වික‍්‍රමසිංහ සමත්වී ඇත.

පසුගිය සතියේ ලබාගත් ඡන්ද 3661 ත් සමගින් මේ වන විට ඔහුගේ මුළු ඡන්ද සංඛ්‍යාව 35,055 කි.

ඉකුත් සතියේදී එම කාණ්ඩයේ පෙරමුණේ රැුදීසිටි කොළඹ රාජකීය විදුහලේ රන්දේව් පතිරණ පසුපසට ඇද දමමින් ළහිරු වික‍්‍රමසිංහ නැවතත් තම ස්ථානය තහවුරුකර ගැනීමට සමත්වී තිබේ. රන්දේව් පතිරණට ගෙවීගිය සතිය තුළදී ලබාගැනීමට හැකිවී ඇත්තේ ඡන්ද 1842 ක් පමණි. ඒ අනුව ඔහුගේ මුළු ඡන්ද සංඛ්‍යාවද 34,356 ක් දක්වා වර්ධනය වී තිබේ.

පානදුර රාජකීය විදුහලේ අකිල ලක්ෂාන් සහ මහනුවර ති‍්‍රත්ව විදුහලේ රවීන් සේයර් පිළිවෙලන් ඡන්ද 8060 ක් සහ 3100 ක් බැගින් ලබාගෙන සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ තෙවැනි සහ සිව්වැනි ස්ථාන වල රැදීසිටිති.

නැගී එන කාණ්ඩයේ කී‍්‍රඩකයන් අතර පෙරමුණේ රැදීසිටින ගාල්ල විද්‍යාලෝක විදුහලේ ධනුෂ්ක ළහිරු, ගෙවී ගිය සතිය තුළදී ලබාගත් ඡන්ද 114 ත් සමග මේ වන විට ඡන්ද 2487 ලබා සිටියි. එම කාණ්ඩයේ දෙවැනි ස්ථානය, ඡන්ද 2028 ක් ලබා සිටින පානදුර ශී‍්‍ර සුමංගල විදුහලේ ළහිරු විමුක්තිට හිමිවී ඇති අතර ගෙවීගිය සතිය තුළදී ඔහුට ලබාගැනීමට හැකිවී ඇත්තේ ඡන්ද 100 ක් පමණි.

අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ පෙරමුණේ පසුවන ලේටන් පාර්ක් විදුහලේ රොමේෂ් මධුෂාන් ගෙවීගිය සතිය තුළදී ලබාගත් ඡන්ද 1633 ත් සමග ඡන්ද 14,000 සීමාව පසුකර පසුකරයෑමට සමත්වී තිබේ. මේ වනවිට මුලූ ඡන්ද 14,995 කට හිමිකම් කීමට ඔහු සමත්ව සිටියි.

එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවන නුගේගොඩ ලයිසියම් විදුහලේ රසාංජන මල්ලිකාරච්චිට ගෙවීගිය සතිය තුළදී එකදු ඡන්දයක් හෝ ලබාගැනීමට නොහැකිවී ඇත. ඒ අනුව ඔහුගේ මුලූ ඡන්ද සංඛ්‍යාව 4605 කි.

මෙම තරගයට අදාළ කූපන්පත් විජය පුවත්පත් අයතනයේ, දිනපතා ප‍්‍රකාශනවන ‘ලංකාදීප’ සහ ‘ඬේලි මිරර්’ පුවත්පත්වලත්, සති අන්තයේ පළවන ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතෙත් පළවේ. ඒ අනුව තමන් කැමතිම කීඩකයා වෙනුවෙන් මනාපය පළ කිරීමට මැයි 30 වැනිදා දක්වා පාඨකයන්ට අවස්ථාව තිබේ.

 

සමස්ථ ලංකා පාසල් කාණ්ඩය 

කී‍්‍රඩකයා       පාසල  ඡන්ද
ළහිරු වික‍්‍රමසිංහ කඳාන ද මැසිනොද් විදුහල 35055
රන්දේව් පතිරණ කොළඹ රාජකීය විදුහල 34356
අකිල ලක්ෂාන්   පානදුර රාජකීය විදුහල 8060
රවීන් සේයර්  මහනුවර ති‍්‍රත්ව විදුහල 3100
පි‍්‍රයමාල් පෙරේරා   කොළඹ ශාන්ත ජෝෂප් විදුහල 2673
නිමේෂ් ගුණසිංහ කටුගස්තොට ශා. අන්තෝනි විදුහල 2613
ඒ. කේ. ටිරෝන් ගාල්ල රිච්මන්ඞ් විදුහල 2592
කුසල් මෙන්ඩිස්   මොරටුව වේල්ස්කුමර විදුහල 2068
මධුෂාන් චමීර  කොළඹ ඉසිපතන විදුහල 2057
යශාන් සමරසිංහ කොළඹ ශාන්ත ජෝෂප් විදුහල        1991
සධීර සමරවික‍්‍රම  කොළඹ ශාන්ත ජෝෂප් විදුහල 1794
මින්හාජ් ජලීල්  කොළඹ තර්ස්ටන් විදුහල  1382
තිමිල විද්‍යාසේකර  කොළඹ ඞී. එස්. සේනානායක විදුහල 1314
ශෙහාන් වීරසිංහ කොළඹ සහිරා විදුහල 925
සල්මන් ෆසීල්  කොළඹ සහිරා විදුහල  669
චතුරංග රාජපක්ෂ  මීගමුව මාරිස්ටෙලාද විදුහල  665
දිනෙත් ලංකා මහනුවර ධර්මරාජ විදුහල  592

 

නැගීඑන පාසල් කාණ්ඩය

කී‍්‍රඩකයා       පාසල  ඡන්ද
ධනුෂ්ක ළහිරු  ගාල්ල විද්‍යාලෝක විදුහල  2487
ළහිරු විමුක්ති පානදුර ශී‍්‍ර සුමංගල විදුහල 2028
කළණ හසරංග  මාතර රාහුල විදුහල 576
හර්ෂ රාජපක්ෂ මාතර රාහුල විදුහල 503
ලසිත ලක්ෂාන් මාතර ශාන්ත තෝමස් විදුහල 319
සචින් ජයකොඩි  වත්තල ශාන්ත අන්තෝනි විදුහල 140

 

අන්තර්ජාතික පාසල් කාණ්ඩය

කී‍්‍රඩකයා       පාසල  ඡන්ද
රොමේෂ් මධුෂාන් ලේටන් පාර්ක් විදුහල 14995
රසාංජන මල්ලිකාරච්චි නුගේගොඩ ලයිසියම් විදුහල 4605
ෆර්සත් ෆාසල් කොළඹ ගේට්වේ විදුහල  319
නිමේෂ පෙරේරා වත්තල ලයිසියම් විදුහල  167

 

පාඨකයින් වෙනුවෙන් ඇති තරගයේදී පහත නම් සඳහන් අය පසු ගිය සතියේ ජයග‍්‍රහණ හිමිකර ගැනීමට සමත්වී තිබේ.

ත්‍යාග හිමිකරගත් පාඨකයෝ
1. ප‍්‍රසන්න කුමාර, 112/1430, කොටහැර, අවිස්සාවේල්ල  
2. පුෂ්පා ශ්‍රීයානි, වලව්වත්ත, අරන්වෙල, බෙලිඅත්ත
3. කේ. ඩබ්. කුමාරසිරි, 380/02, වලව්වත්ත, දඩල්ල, ගාල්ල
4. ලීනා කුරේ, 91, උයන පාර, මොරටුව

 

 

 

 

 


අදහස් (0)

ළහිරු යළි පෙරමුණ ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.