Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news හොකී පුහුණු සංචිතය ඇරඹෙයි

හොකී පුහුණු සංචිතය ඇරඹෙයි

ශනුක අරවින්ද - 2017 අගෝ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලබන නොවැම්බර් 25 සිට දෙසැම්බර් 3 දක්වා මියන්මාර්හි යංන්ගුන් හි පැවැත්වීමට නියමිත ආසියානු හොකී සම්මේලන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා හොකී ජාතික කණ්ඩායම සහභාගී කරවීමට ක්‍රීඩා අමාත්‍යංශය තීරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ හොකී ක්‍රීඩාව වෙනුවෙන් දැනට ජාතික සංගමයක් ක්‍රියාත්මක  නොවන හෙයින් ක්‍රීඩා අමාත්‍යංශය මැදිහත්වී ජාත්‍යන්තර හොකී තරගාවලි සඳහා කණ්ඩායමක්  සහභාගි කරවයි.

මෙම තරගාවලිය ඉලක්ක කර ගනිමින් ක්‍රීඩකයන් 28 දෙනෙකුගෙන් සමන්විත ජාතික සංචිතයක් පිහිටුවා එහි දෛනික පුහුණු කටයුතු කොළඹ ටොරින්ටන් කෘතිම හොකී ක්‍රීඩාංගනයේ ආරම්භ කර ඇත.

අනුරුද්ධ හේරත් බණ්ඩාර සහ පුලස්ති ලැනරෝල් යන මහත්වරු සංචිතය භාර පුහුණුකරුවන් ලෙස කටයුතු කරති. ව්‍යායාම් පුහුණු අභ්‍යාසක ලෙස ක්‍රීඩා අමාත්‍යංශයේ මලල ක්‍රීඩා පුහුණුකරුවෙකු වන ජයන්ත සියමුදලි මහතා පත් කර තිබේ.

ආසියානු හොකී සම්මේලනය විසින් මෙහෙයවනු ලබන 2017 හොකී අභියෝග ශූරතා තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව ඇතුළුව කලාපීය හොකී කණ්ඩායම් 7ක් සහභාගීවීමට නියමිතය. ශ්‍රී ලංකාව, චීන තායිපේ, හොංකොං, ඇෆ්ගනිස්ථානය, බෘනායි, මියැන්මාරය සහ උස්බෙකිස්ථානය යන රටවල් අදාළ තරගාවලියට සහභාගී වන රටවල් වේ.

සංචාරයට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම තේරීම් පරීක්ෂණ කිහිපයකින් අනතුරුව ලබන ඔක්තෝම්බර් 15 දා වන විට ප්‍රකාශයට පත් කිරීමට පුහුණුකරුවෝ බලාපොරොත්තු වෙති.

 

 

 


අදහස් (0)

හොකී පුහුණු සංචිතය ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.