Last Update  :  2025-12-28 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news හොංකොං පිල කඩුලූ 2 කින් බංග්ලාදේශය පරාජය කරයි

හොංකොං පිල කඩුලූ 2 කින් බංග්ලාදේශය පරාජය කරයි

දිලිනි මල්රුක්ෂි - 2014 මාර් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විස්සයි20 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ මූලික වටයේ බංග්ලාදේශ පිල සහ හොංකොං පිල අතර අද (20) චිතගෝන්හිදී පැවති ‘ඒ’ කාණ්ඩයේ තරගයෙන් කඩුලූ 2 ක තියුණු ජයක් වාර්තා කිරීමට හොංකොං පිල සමත්විය.

ලකුණු 109 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹාගිය හොංකොං කී‍්‍රඩකයෝ කඩුලූ 8 ක් දැවී, පන්දු 2 ක් ඉතිරිව තිබියදී තරගය ජයගත්හ.

මුනීර් ඩර් පන්දු 27 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් වේගවත් ලකුණු 38 ක් රැස්කරමින් තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගියේය.

බංග්ලාදේශ පිලේ තුන් ඉරියව් කී‍්‍රඩක සකීබ් අල් හසන් ලකුණු 9 කට කඩුලූ 3 ක් දවාගත්තත් පරාජයෙන් ගැලවීම සඳහා එය ප‍්‍රමාණවත් නොවීය.

කාසියේ වාසිය දිනූ හොංකොං පිල පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා බංග්ලාදේශ පිලට ආරාධනා කළ අතර ඔවුන්ට සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 108 ක් පමණි.

එහිදී බංග්ලාදේශ පිතිකරුවන් 7 දෙනකුම ලකුණු 10 ට වඩා අඩුවෙන් දවාගැනීමට හොංකොං පිලේ පන්දුයවන්නෝ සමත්වූහ.

බංග්ලාදේශ ඉනිම වැණසූ නදීම් අහමඕ ලකුණු 21 කට කඩුලූ 4 ක් දවාගනිමින් තරගයේ වීරයා බවට පත්වූ අතර ලකුණු 19 කට කඩුලූ 3 ක් දවාගත් නිසකට් ඛාන්, ඔහුට අගනා සහයක් දුන්නේය.

බංග්ලාදේශ පිල -  ඕවර 16.3 කදී සියලූ දෙනා දැවී 108
(එනමුල් හක් 26, ශකීබ් අල් හසන් 34, මුෂ්ෆික රහීම් 23, නසර් හුසේන් නොදැවී 14, නදීම් අහමඕ 21/4, නිසකට් ඛාන් 19/3, ටන්වීර් අෆ්සාල් 24/2)

හොංකොං පිල -  ඕවර 19.4 කදී කඩුලූ 8 ක් දැවී 114
(ඉර්ෆාන් අහමඞ් 34, මුනීර් ඩර් 36, සකීබ් අල් හසන් 9/3, මහමදුල්ලා 13/2)

 


අදහස් (0)

හොංකොං පිල කඩුලූ 2 කින් බංග්ලාදේශය පරාජය කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.