Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news හේලීස් ගෲප් පිලට කඩුලු 9 ක ජයක්

හේලීස් ගෲප් පිලට කඩුලු 9 ක ජයක්

Nisanka Sandeepani - 2017 නොවැ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන විස්සයි20 ‘ඒ’ කොටසේ ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබාගැනීමට හේලීස් ගෲප් ‘ඒ’ කණ්ඩායම අද (15 වැනිදා) සමත්විය. 

මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී හැටන් නැෂනල් බැංකු ‘ඒ’ කණ්ඩායම එරෙහිව කඩුලු 9 ක ජයක් හිමිකර ගැනීමට හේලීස් ගෲප් ‘ඒ’ කණ්ඩායම සමත්විය.

හේලීස් ගෲප් ‘ඒ’ කණ්ඩායම වෙනුවෙන් සචිත්‍ර සේරසිංහ (නොදැවී 52) අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 17 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

හැටන් නැෂනල් බැංකුව - ඕවර 19.5 කදී සියලුදෙනා දැවී ලකුණු 115
(මාධව වර්ණපුර 51, නවිඳු නිර්මාල් 29, බිනුර ප්‍රනාන්දු 14/2, ලසිත් ඇඹුල්දෙණිය 17/4)

හේලීස් ගෲප් - ඕවර 14.2 කදී කඩුල්ලක් දැවී ලකුණු 119
(සචිත්‍ර සේරසිංහ නොදැවී 52, රොන් චන්ද්‍රගුප්ත නොදැවී 44, ඇන්ඩි සොලමන්ස් 22)

 

 


අදහස් (0)

හේලීස් ගෲප් පිලට කඩුලු 9 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.