‘අජ්වඞ් හෂීම්’ අනුස්මරණ සික්ස් රෙඞ් ස්නූකර් තරගමාලාවේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට මුවර්ස් ක්‍රීඩා සමාජයේ ආශික් හුසේන් සහ කිව් කැෆේ ක්‍රීඩා සමාජයේ මොහොමඞ් ෆාසිල් සමත් විය.
ජාතික ස්නූකර් ශූරතාවද දිනා සිටින ෆාසිල්, මෙවර තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේ අවසන් පූර්ව වටයේදී එම්.ඩී.ආර්. ජයසුන්දර පරාජයට පත් කරමින්ය. අවුරුදු 21න් පහළ ආසියානු කුසාලන තරගමාලාව නියොජනය කළ ආශික්, ඉකුත් වසරේ පැවැති සික්ස් රෙඞ් තරගාලියේ තෙවැනි ස්ථානය දිනාගත් ක්‍රීඩකයාද වේ.
තරගාවලියේ අවසන් මහ තරගය මේ මස 7 වැනිදා කොළඹ මෝටර් රථ ධාවකයන්ගේ සංගමයේදී පැවැත්වීමට නියමිතය.
තරග ප්‍රතිඵල
■ ආශික් හුසේන් (මුවර්ස් ක්‍රීඩා සමාජය) විසින් තරග වට 4-1 ලෙස අනුරුද්ධ හිග්ගොඩ (ඕටර්ස් ක්‍රීඩා සමාජය) පරාජය කරන ලදි.
■ මොහොමඞ් ෆාසිල් (කිවි කැෆේ ක්‍රීඩා සමාජය) විසින් තරග වට 4-1 ලෙස එම්.ඩී.ආර්. ජයසුන්දර (බෑන්ඞ් ස්ටාර් ක්‍රීඩා සමාජය) පරාජය කරන ලදි.
-092
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.