Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news හෑන්ඩ් බෝල් - ජූඩෝ නාමයෝජනා කැඳවයි

හෑන්ඩ් බෝල් - ජූඩෝ නාමයෝජනා කැඳවයි

Nisanka Sandeepani - 2017 නොවැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දැනට අක්‍රීය තත්ත්වයෙන් පවතින ශ්‍රී ලංකා හෑන්ඞ් බෝල් සංගමයේ සහ ජූඩෝ සංගමයේ නිලවරණ සඳහා නාම යෝජනා කැදවීමට ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතා තීරණය කර ඇත.

ඒ අනුව හෑන්ඞ් බෝල් සංගමයේ තනතුරු වෙනුවෙන් නාම යෝජනා මෙම නොවැම්බර් 8 දා ප.ව 2.30 ට පෙර යොමුකළ යුතුය. ජූඩෝ සංගමයේ තනතුරු සඳහා නාම යෝජනා බාරගැනීම නොවැම්බර් 15දා ප.ව 2.30 ට අවසන් කිරීමට ක්‍රීඩා අමාත්‍යංශය තීරණය කර ඇත.

ක්‍රීඩා අමාත්‍යංශයේ ඍජු මැදිහත්වීමෙන් නාම යෝජනා කැදවා ඇති අතර ඒ අනුව හෑන්ඞ් බෝල් නිලවරණය ලබන දෙසැම්බර් 4 දා පෙ.ව 10.00ටත් ජූඩෝ නිලවරණය දෙසැම්බර් 12 දා පෙ.ව 10.00 ටත් ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.

වසර ගණනාවක් තිස්සේ මෙම සංගම් දෙකේ ක්‍රියාකාරිත්වය අඩාල වී තිබූ අතර එම සංගම් දෙකම අධිකරණ ක්‍රියාමාර්ග වලට යොමු වී තිබුණි.

මේ අතර ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවට ද මෙම සංගම් දෙකම අනුයුක්තව ඇති හෙයින් ඔලිම්පික් කමිටු නිලවරණය පැවැත්වීමටද වක්‍ර ආකාරයෙන් බලපෑම් එල්ල වී තිබේ.


අදහස් (0)

හෑන්ඩ් බෝල් - ජූඩෝ නාමයෝජනා කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.