Last Update  :  2025-05-11 20:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news හැව්ලොක්ස් ශත සංවත්සරය මහ ඉහළින්

හැව්ලොක්ස් ශත සංවත්සරය මහ ඉහළින්

Dilrukshi - 2015 ජුනි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවේ පැරණිතම ක‍්‍රීඩා සමාජයක් වන හැව්ලොක්ස් ක‍්‍රීඩා සමාජයට වසර 100 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් සියවස් සමරු වැඩසටහන් මාලාවක් අගෝස්තු මස 28 වැනිදා සිට ක‍්‍රියාත්මක කිරීමට එම ක‍්‍රීඩා සමාජය සැලසුම්කර තිබේ. සියවස් සමරුවට සමගාමීව හැව්ලොක්ස් ක‍්‍රීඩා සමාජයේ නිල වෙබ් අඩවිය ද පසුගියදා නිල වශයෙන් විවෘත කෙරිණ.

හැව්ලොක්ස් ක‍්‍රීඩා සමාජය වර්තමානයේ ශ්‍රී ලංකාවේ පළමු කොටසේ රග්බි කණ්ඩායම් අතර පෙරමුණේ සිටියි.
සියවස් සමරු උත්සවයේ ප‍්‍රධානතම අංගයක් ලෙස සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. පිල සහ හැව්ලොක්ස් පිල අතර රග්බි තරගයක් සැප්තැම්බර් 2 වැනිදා පැවැත්වෙන අතර ජය ලබන කණ්ඩායමට රුපියල් ලක්‍ෂයක ත්‍යාගයක් පිරිනැමේ.

මෙම සියවස් සමරු වැඩසටහන් මාලාව ආරම්භ කරමින් අගෝස්තු 28 වැනිදා ක‍්‍රීඩා සමාජයේ සැණකෙළි රාති‍්‍රයක් පැවැත්වේ. අගෝස්තු මස 30 වැනිදා සංගීත ප‍්‍රසංගයක් ද, සැප්තැම්බර් මස 1 වැනිදා සභාපතිවරයාගේ සාදයක් ද පැවැත්වේ. වැඩසටහන අවසන් කරමින් සැප්තැම්බර් 4 වැනිදා කොළඹ කිංස්බරි හෝටලයේදී රාත‍්‍රී සාදයක් පැවැත්වීමට නියමිතය.

හැව්ලොක්ස් ක‍්‍රීඩා සමාජය 1915 වසරේ වයස 12 ත් 16 ත් අතර වයසේ පාසල් සිසුන් 27 දෙනකුගේ ක‍්‍රීඩා සමාජයක් ලෙස ආරම්භ කර තිබේ. වෛද්‍ය වී. ආර්. ෂොක්මන් මහතා එහි පළමු සභාපතිවරයා බවට පත්විය.
හැව්ලොක්ස් ක‍්‍රීඩා සමාජය 1940 දශකය වන විට රග්බි සහ හොකී යන ක‍්‍රීඩා වලට ප‍්‍රචලිත වී සිටියේය. දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව 1949 වන විට හැව්ලොක්ස් පිල ශ්‍රී ලංකාවේ නිල නොවන රග්බි ශූරයන් බවට පත්ව සිටියේය.

හැව්ලොක්ස් ක‍්‍රීඩා සමාජය 1950 සහ 1951 යන වසරවලදී අපරාජිතව ක්ලිෆර්ඞ් කුසලාන රග්බි ශූරතව දිනා ගත්තේය.

හැව්ලොක්ස් ක‍්‍රීඩා සමාජය හොකී ක‍්‍රීඩාවෙන් ද දස්කම් දක්වමින් 1935 සහ 1960 වසරවලදී ඇන්ඩි‍්‍රයස් පළිහ ද, 1950 සහ 1955 වසරවලදී පයනියර් කුසලාන ද, 1947 වසරේ බීකොන් කුසලාන ද, දිනා ගැනීමට සමත් විය.
හැවිලොක්ස් ක‍්‍රීඩා සමාජයේ වර්තමාන සභාපතිවරයා ලෙස ලාල් සිල්වා මහතා කටයුතු කරන අතර ශ්‍රී ලංකා රග්බි සංගමයේ වර්තමාන සභාපති අසංග සෙනෙවිරත්න මහතාද හැව්ලොක්ස් ක‍්‍රීඩා සමාජයේ හිටපු සභාපතිවරයකි.


 

 


අදහස් (0)

හැව්ලොක්ස් ශත සංවත්සරය මහ ඉහළින්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.