අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ මාතර සාන්ත තෝමස් විදුහල සහ මාරවිල ශාන්ත සේවියර් විදුහල අතර නාත්තන්ඩියේදී පැවැති තරගය ඉනිමකින් සහ ලකුණු 99 කින් ජයගැනීමට සාන්ත තෝමස් විදුහල සමත්විය. ශාන්ත සේවියර් විදුහල ඉනිම දෙකේදී ලකුණු 139 කට සහ 116 කට සීමාකිරීමට හෂාන් විමර්ශන සහ දිලීප තාරක සමත්වූහ.
හෂාන් විමර්ෂන තරගයේදීම ලකුණු 41 කට කඩුල 11 ක් දවාගත් අතර දිලීප තාරක දෙවැනි ඉනිමේදී ලකුණු 48 කට දවාගත් කඩුලූ 5 ත් සමගින් තරගයේදීම ලකුණු 100 කට කඩුලූ 7 ක් දවාගනිමින් ඔහුට අනගි සහයක් දුන්නේය. මෙම දෙදෙනා ශා. සේවියර් පිලේ බිඳ වැටුණු කඩුලූ 20 ක් 18 ක් බෙදා ගත්හ.
පළමුවෙන් පන්දුවට පහර දුන් සාන්ත තෝමස් විදුහල කඩුලූ 8 ක් දැවී ලකුණු 354 ක් ලබාසිටියදී තම ඉනිම අත්හිටුවා සර්වේශස් විදුහලට පන්දුවට පහරදීමට ආරාධනාකර සිටියේය.
එහිදී සාන්ත තෝමස් විදුහලේ පි‍්‍රන්ස් දළුගොඩ ලකුණු 130 ක් රැස්කිරීමින් පිත්තෙන් දස්කම් දැක්වීය.
සාන්ත තෝමස් විදුහල පළමු ඉනිම - ඕවර 59.2 කදී කඩුලූ 8 කට 354
(පි‍්‍රන්ස් දළුගොඩ 130, හේෂාන් වසන්ත නොදැවී 52, ලසිත් ලක්ෂාන් 37, හෂාන් විමර්ෂන 33, ශෂ්නි අහමඞ් 29)
ශාන්ත සේවියර් විදුහල පළමු ඉනිම - ඕවර 34.1 කදී සියලූදෙනා දැවී 139
(කනිෂ්ක මධුෂාන් 35, ඉෂාන් මධුරංග 27, උදාර මෙන්ඩිස් 25, හෂාන් විමර්ෂන 26/6, දිලීප තාරක 52/2)
ශාන්ත සේවියර් විදුහල දෙවැනි ඉනිම - ඕවර 31.2 කදී සියලූදෙනා දැවී 116
(කනිෂ්ක මධුෂාන් 32, මධුමාධව මධුරංග 21, හෂාන් විමර්ෂන 15/5, දිලීප තාරක 48/5)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.