Last Update  :  2025-12-28 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news හයිද්‍රාබාද් පිල චෙන්නායි පරාජය කරයි

හයිද්‍රාබාද් පිල චෙන්නායි පරාජය කරයි

ශනුක අරවින්ද - 2014 මැයි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය පී‍්‍රමියර් ලීග් තරගාවලියේ (අයි. පී. එල්.) 50 වැනි තරගය ලෙස චෙන්නායි සුපර් කිංග්ස් පිල සහ සන්රයිසස් හයිද්‍රාබාද් පිල අතර රංචිහිදී අද (22 වැනිදා) පැවැති තරගයෙන් කඩුලූ 6 ක ජයක් වාර්තා කිරීමට සන්රයිසස් හයිද්‍රාබාද් පිල සමත්විය.

ලකුණු 186 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹාගිය සන්රයිසස් හයිද්‍රාබාද් පිල පන්දු 2 ක් ඉතිරිව තිබියදී, කඩුලූ 4 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගිය අතර හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 64 ක් රැස්කළ ශිකාර් ධවාන් තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගියේය.

ඬේවිඞ් වෝනර් (90) සමග එක්වූ ශිකාර් ධවාන් ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 68 කදී ලකුණු 116 ක සම්බන්ධතාවක් ගොඩනගමින්  හයිද්‍රාබාද් පිලට සාර්ථක ආරම්භයක් ලබා දුනේනේය. පන්දු 45 කින් වාර්තා වූ ඬේවිඞ් වෝනර්ගේ ප‍්‍රවේගකාරී ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 12 ක් අන්තර්ගත විය.

කාසියේ වාසිය දිනූ සන්රයිසස් හයිද්‍රාබාද් පිලේ නායක ඩැරන් සැමීගේ ආරාධනයෙන් පලමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි සුපර් කිංග්ස් පිල නියමිත  ඕවර 20 අවසානයේ කඩුලූ 3 ක් දැවී ලකුණු 185 ක් ලබාගත්තේය.

හයේ පහර 4 ක් සහ හතරේ පහර 4 ක් සමගින් පන්දු 28 කදී ලකුණු 47 ක් රැස්කළ ඬේවිඞ් ස්මිත් චෙන්නායි පිලට සාර්ථක ආරම්භයක් ලබා දුන්නේය. සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 68 කදී ලකුණු 108 ක නොබිඳුණ සම්න්ධතාවක් ගොඩනැගූ ඬේවිඞ් හසී (නොදැවී 50) සහ මහේන්ද්‍ර සිං දෝනි (නොදැවී 57) චෙන්නායි පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළට ඔසවා තැබූහ.

පන්දු 33 කදී වාර්තා වූ ඬේවිඞ් හසීගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් වූ අතර පන්දු 41 කදී වාර්තා වූ මහේන්ද්‍ර සිං දෝනිගේ ඉනිමට හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් ඇතුළත්විය.

චෙන්නායි සුපර් කිංග්ස් පිල -  ඕවර 20 කදී කඩුලූ 3 කට 185
(ඞ්වේන් ස්මිත් 47, ෆෆ් ඩුප්ලෙසී 19, ඬේවිඞ් හසී නොදැවී 50, මහේන්ද්‍ර සිං දෝනි නොදැවී 57, කරන් ශර්මා 19/2)

සන්රයිසස් හයිද්‍රාබාද් පිල -  ඕවර 19.4 කදී කිසිවකු නොදැවී 189
(ශිකර් ධවාන් නොදැවී 64, ඬේවිඞ් වෝනර් 90, නාමන්  ඕජා 19)

-036

 


අදහස් (0)

හයිද්‍රාබාද් පිල චෙන්නායි පරාජය කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.