ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලියේ (අයි. පී. එල්.) සන්රයිසස් හයිද්‍රාබාද් පිල සහ බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල අතර හයිද්‍රාබාද්හි රජීව් ගාන්ධි ජාත්‍යන්තර ක‍්‍රිකට් කී‍්‍රඩාංගණයේදී අද (20 වැනිදා) පැවැති තරගයෙන් කඩුලූ 7 ක ජයක් වාර්තා කිරීමට සන්රයිසස් හයිද්‍රාබාද් පිල සමත්විය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 161 ක ඉලක්කයක් හඹාගිය හයිද්‍රාබාද් පිල පන්දු 2 ක් ඉතිරිව තිබියදී කඩුලූ 3 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.
එහිදී ශිකර් ධවාන් (50) සහ ඬේවිඞ් වෝනර් (59) එක්ව ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 75 කදී ලකුණු 100 ක සම්බන්ධතාවක් ගොඩනගමින්, තරගය ජය ගැනීම සඳහා හයිද්‍රාබාද් පිලට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ.
පන්දු 39 කින් වාර්තා වූ ශිකර් ධවාන්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 7 ක් ඇතුළත් වූ අතර පන්දු 46 කින් වාර්තා වූ ඬේවිඞ් වෝනර්ගේ ඉනිමට හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් ඇතුළත්විය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල නියමිත ඕවර 20 අවසානයේ කඩලූ 6 ක් දැවී ලකුණු 160 ක් ලබාගත්තේය.
බැංගලෝර් පිලේ වැඩිම ලකුණු ලාභියා වූ නායක විරාට් කෝලි පන්දු 41 කින් ලකුණු 67 ක් රැුස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 4 ක් සමගිනි.
යුවරාජ් සිං (21) සමග එක්ව බැංගලෝර් පිලේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු පන්දු 43 කදී ලකුණු 57 ක සම්බන්ධතාවක් ගොඩනැගූ විරාට් කෝලි, ඒ. බි. ඩිවිලියස් (29) සමග එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු පන්දු 31 කදී ලකුණු 61 ක සම්බන්ධතාවක් ගොඩනගමින් තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.
බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල - ඕවර 20 කදී කඩුලූ 6 කට 160
(ක‍්‍රිස් ගේල් 14, විරාට් කෝලි 67, යුවරාජ් සිං 21, ඒ. බි. ඩිවිලියස් 29, බුවනේෂ්වර් කුමාර් 27/2)
සන්රයිසස් හයිද්‍රාබාද් පිල - ඕවර 19.4 කදී කඩුලූ 3 කට 161
(ශිකර් ධවාන් 50, ඬේවිඞ් වෝනර් 59, නාමන් ඕජා 24, වරුන් ඒරන් 36/2)
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.