ඉන්දීය ප‍්‍රීමියර් ලීග් (අයි.පී.එල්.) ක‍්‍රිකට් තරගාවලියේ ඩුබායි ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (25) පැවැති දිනයේ පළමු තරගයේදී සන්රයිසස් හයිද්‍රාබාද් පිල ලකුණු 4 කින් දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල පරාජය කිරීමට සමත් විය.
ලකුණු 185 ක ඉලක්කය හඹායන දිල්ලි පිලට ඕවර 20 අවසානයේ කඩුලූ 4 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 180 ක් පමණි. අවසන් ඕවරයට ලකුණු 20 ක් ලබාගැනීමට සිදුවූ අතර ජේ. පී. ඩුමිනිට සහ මනෝජ් තිවාරිට එම ඉලක්කය සම්පූර්ණ කළ නොහැකි වූහ.
දිල්ලි පිලේ ආරම්භක පිතිකරුවන් වූ කුවින්ටන් ඞී කොක් (48) සහ මුරලි විජේ (52) ලකුණු 99 ක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත් වූහ.
ඒරන් ෆින්ච් සහ ඬේවිඞ් වෝනර් දෙවැනි කඩුල්ලට පන්දු 82 කදී ලකුණු 128 ක සම්බන්ධතාවක් පවත්වමින් හයිද්‍රාබාද් පිල ලකුණු 184 ක් දක්වා රැගෙන ඒමට සමත් වූහ.
ඒරන් ෆින්ච් පන්දු 53 කදී හතරේ පහර 8 ක් සහ හයේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 88 ක් රැුස් කළේය. ඬේවිඞ් වෝනර් පන්දු 45 කදී හතරේ සහ හයේ පහර තුන බැගින් අන්තර්ගතකරමින් නොදැවී ලකුණු 58 ක් රැස්කිරීමට සමත් විය.
නායක ශීකර් දාවන් පන්දු 22 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 33 ක් ලබා පළමු කඩුල්ල ලෙස දැවී ගියේය.
ශීකර් දාවන් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.
ආබාධයකට ලක්ව සිටි දිල්ලි පිලේ නායක එංගලන්ත ප‍්‍රවේගකාරි පිතිකරු කෙවින් පීටර්සන් මෙම තරගයට ක‍්‍රීඩා කරයි.
හයිද්‍රාබාද් පිල ඕවර 20 කදී කඩුලූ 1 ට 184 (ශීකර් දාවන් 33, ඒරන් ෆින්ච් නොදැවී 88, ඬේවිඞ් වෝනර් නොදැවී 58)
දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල ඕවර 20 කදී කඩුලූ 4 ට 180 (කුවින්ටන් ඞී කොක් 48, මුරලි විජේ 52, කෙවින් පීටර්සන් 16, දිනේෂ් කාර්තික් 15, ජේ. පී. ඩුමිනි නොදැවී 20, මනෝජ් තිවාරි නොදැවී 23, ඬේන් ස්ටෙයින් 33/2)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.