Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news හඳුන්නෙත්තිගේ චෝදනා ප‍්‍රතික්ෂේප වෙයි?

හඳුන්නෙත්තිගේ චෝදනා ප‍්‍රතික්ෂේප වෙයි?

සංජය එරමුදුගොඩ - 2015 පෙබ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සුනිල් හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයා විසින් කි‍්‍රකට් ආයතනයේ පසුගිය කාලයේ සිදුවූයේ යැයි පවසන වංචා දූෂණ ක‍්‍රිකට් ආයතනයේ ලේකම් වරයාට හා විධායක කමිටුවට එල්ල කරන පදනම් විරහිත චෝදනා ලෙස ශ්‍රී ලංකා විධායක කමිටුව අනුමක කළ බව කි‍්‍රකට් ආයතනය ඊයේ නිවේදනය කළේය.  

ඊයේ  පැවැති විධායක කමිටු රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බව එම නිවේදනයේ දැක්වේ.

කෙසේ වෙතත් කි‍්‍රකට් ආයතනය නිකුත් කළ මෙම නිවේදනය විධායක කමිටුවේ දැනුම්වත් කිරීමකින් තොරව නිකුත් කළ  නිවේදනයක් බවත් හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයා සියලූ චෝදනා එල්ල කරනු ලැබුවේ කි‍්‍රකට් ආයතනයේ වත්මන් ලේකම්වරයාට හා හිටපු ක‍්‍රීඩා අමාත්‍යවරයාට බැවින් එම චෝදනාවන්ට තමන්ට වගකිව නොහැකි බව මෙම රැස්විමේදී විධායක කමිටු සාමාජිකයන් සඳහන්කර ඇති බව ක‍්‍රිකට් අභ්‍යන්තර ආරන්චි මාර්ග සඳහන් කරයි. එසේම එ්වා පදනම් විරහිත බව තීරණය කිරීමට තමන්ට හැකියාවක් නොමැති බවද විධායක කමිටු සාමාජිකයින් වැඩි පිරිසකගේ මතය වී ඇත.

මෙම රැස්වීම තරමක් උණුසුම් වී ඇති අතර එහිදී ඇතැම් සාමාජිකයින් පෙන්වා දී ඇත්තේ මෙහි බහුතර චෝදනා ලේකම්වරයාට එල්ල වී ඇති බවයි. එසේම මේ චෝදනා වලට ප‍්‍රකාශ නිකුත් කිරීමට ප‍්‍රථම ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ නීති නිලධාරියා වෙතින් අවශ්‍ය ප‍්‍රකාශය සකස් කර එය විධායක කමිටුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍යයට නිකුත් කරන ලෙසද කි‍්‍රකට් විධායක සභාව ඊයේ පැවති රැස්වීමේදී ක‍්‍රිකට් ලේකම්වරයාට දන්වා ඇතැයි වාර්තා වේ.

කි‍්‍රකට් ආයතනයේ ලේකම්වරයා විසින් අදාල චෝදනා පිළිබඳ විධායක කමිටුව  දැනුම්වත් කරද්දී එම චෝදනා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් ඉදිරිපත් කළ ඒවාදැයි විධායක කමිටු නිලධාරීන් ප‍්‍රශ්න කර ඇත. මෙහි සඳහන්ව ඇත්තේ ජ.වි.පෙ. මාධ්‍ය අංශය නකුත් කළ නිවේදනයේ සඳහන් චෝදනාවන් විධායක කමිටුවට ඉදිරිපත් කරන බවයි.

මේ අතර කි‍්‍රකට් ආයතනයේ සභාපති ජයන්ත ධර්මදාස මහතා දන්වා ඇත්තේ යම් හෙයකින් මෙම චෝදනා වෙනුවෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ඉදිරියේ පෙනී සිටීමට සිදු වුවහොත් එම පරීක්ෂණයන්ට උපරිම සහයෝගය ලබා දෙන බවයි.

එහිදී කි‍්‍රකට් ආයතනයේ මුදල් වියදම් නොකර තමන්ගේ පෞද්ගලික ධනයෙන් නීතිඥවරුන්ගේ සේවය ලබා ගන්නා බවද ඔහු සඳහන් කර ඇත. මේ ආකාරයෙන්ම විධායක කමිටුවේ සමාජිකයන් දෙදෙනෙකුද කටයුතු කිරීමට සූදානම් බව දන්වා ඇත.

 


අදහස් (0)

හඳුන්නෙත්තිගේ චෝදනා ප‍්‍රතික්ෂේප වෙයි?

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.