Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news හංසිකාගෙන් ලෝකඩ පදක්කමක්

හංසිකාගෙන් ලෝකඩ පදක්කමක්

සංජය එරමුදුගොඩ - 2018 ජුලි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දුනීසියාවේ මනාඩෝ නුවරදී පැවති ඉන්දුනිසියානු ‘කපොල්රි කුසලාන’ විවෘත බොක්සිං තරගාවලියේදී කිලෝ ග්‍රෑම් 57 බර පංතියේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ කේෂානි හංසිකා සමත් වූවාය. මාස් ආයතනයේ මානව සම්පත් අංශයේ විධායක නිලධාරිණියක් ලෙස සේවය කරන හංසිකා, 27 වැනි වියේ පසුවන්නීය.

අවසන් පූර්ව වටයේදී තියුණ තරගයකින් අනතුරුව ප්‍රභල වියට්නාම ක්‍රිඩිකාවක් හමුවේ තරග වට 3-2 ක් ලෙස පරාජයට පත්වීම නිසා හංසනීට එම බර පංතියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට තිබූ අවස්ථාව මඟහැරී ගියේය.

පදක්කම දිනාගැනීමෙන් අනතරුව ඇය පවසා සිටියේ අවසන් පූර්ව වටයෙන් ඉවත් වුවද, ලැබූ ලෝකඩ පදක්කම එළඹෙන අගෝස්තු 18 වැනිදා ඉන්දුනීසියාවේදී ආරම්භ වන ආසියානු ක්‍රීඩා උළෙලේදී පදක්කමක් කරා යෑමට ආශිර්වාදයක් වන බවයි.


- 036

 


අදහස් (0)

හංසිකාගෙන් ලෝකඩ පදක්කමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.