Last Update  :  2025-05-11 20:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news හිමසර ශා.පීතර විදුහල අවසන් තරගයට ගෙනයයි

හිමසර ශා.පීතර විදුහල අවසන් තරගයට ගෙනයයි

රොෂාන් ගුණරත්න - 2017 අගෝ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ අවසන් පූර්ව වටයේ තරගයකදී ජයගත් කොළඹ ශාන්ත පීතර විදුහල අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට පසුගියදා සමත්විය.


මරදාන ශාන්ත ජෝසප් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේදී ගලහිටියාව මධ්‍ය මහා විදුහලට එරෙහිව කඩුලු 2 ක ජයක් හිමිකර ගැනීමට කොළඹ ශාන්ත පීතර විදුහල සමත්විය.


හිමසර රන්දෙණි අර්ධ ශතකයක් (75) රැස්කරමින් ශා. පීතර විදුහල අවසන් තරගය දක්වා ගෙන යාමට සමත්විය.

 

ගලහිටියාව ම.ම.වි - ඕවර 43.4 කදී සියලුදෙනා දැවී 272
(සඳරුවන් චින්තක 82, තරිඳු මදුෂංක 64, ඉසුරු තාරක 28, සෙනේෂ් නදීෂාන් 22, මවිතාන් ජෙරාල්ඞ් 42/2, චාමික ද සිල්වා 30/2)


ශා. පීතර විදුහල - ඕවර 49.3 කදී කඩුලු 8 ක් දැවී 273
(හිමසර රන්දෙණි 75, දිනුක රොඞ්රිගූ 35, රිෂික සංතුෂ් 34, ශෙහාන් සුරවීර 30, සඳරු ගමගේ 27, යොහාන් අරුණ නොදැවී 26, මීසර සජූපා 30/2)

 


අදහස් (0)

හිමසර ශා.පීතර විදුහල අවසන් තරගයට ගෙනයයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.