අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කුරුණෑගල මලියදේව ආදර්ශ විදුහල සහ මාරවිල ශාන්ත සේවියර් විදුහල අතර මලියදේව විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් කඩුලු 3 ක ජයක් අත්කර ගැනීමට සේවියර් විදුහල සමත් විය.
එහිදී ශාන්ත සේවියර් විදුහලේ සජින්ත පෙරේරා සහ නිම්රෝද් චමත් කඩුලු 3 බැගින් දවාගනිමින්ද, දිල්ෂාන් ප්‍රනාන්දු කඩුලු 2 ක්ද දවාගනිමින් මලියදේව ආදර්ශ විදුහල් ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කළහ.
මලියදේව ආදර්ශ විදුහල - ඕවර 29.3 කදී සියලු දෙනා දැවී 109
(දක්ෂිත කුමාරසිරි 30, සජින්ත පෙරේරා 17/3, නිම්රෝද් චමත් 22/3, දිල්ෂාන් ප්‍රනාන්දු 09/2)
ශාන්ත සේවියර් විදුහල - ඕවර 37.5 කදී සියලු දෙනා දැවී 112
(දිල්ෂාන් ප්‍රනාන්දු 32, චානුක ප්‍රනාන්දු 27, පූජිත ගුණවර්ධන 18/2, මන්ජිත රත්නායක 31/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.