හත් වතාවක්ම විම්බල්ඩන් ටෙනිස් කිරුළට හිමිකම් කී අමෙරිකාවේ සෙරීනා විලියම්ස් සඳුදා ආරම්භ වූ විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේදී බල්ගේරියාවේ වික්ටෝරියා ටොමෝවා ලකුණු 6-1 ක් සහ 6-4 ක් ලෙස පරාජය කරමින් තුන්වැනි වටයට සේන්දුවූවාය.
වසර 2016 දී අවසන් වරට විම්බල්ඩන් කුසලානයේ ජය පැන් පානය කළ 36 හැවිරිදි සෙරීනා මෙවර තරගාවලියට එක්වූයේ නැවතත් එවැනි දස්කමක් පෙන්වීමේ කිරීමේ අභිලාෂයෙනි. මේ ජයග්‍රහණයත් සමග ඇය අලුත් වාර්තාවක් ද තැබුවේය. එනම් මීට වසර 4 කට පෙර 2014 විම්බල්ඩන් තරගාවලියේදී ප්‍රංශයේ ඇලිස් කෝර්නෙට් හමුවේ පරාජය වෙමින් තුන්වැනි වටයේදී ඉවත්වීමෙන් පසුව මේ දක්වා ක්‍රීඩා කළ විම්බල්ඩන් තරග 16 ම ජයගැනීමට සෙරීනා සමත්වූවාය.
මේ අතර ඇගේ වැඩිමල් සොයුරිය වීනස් ද රුමේනියාවේ ඇලෙක්සැන්ඩ්‍රා ඩුල්ගේරු ලකුණු 4-6, 6-0 සහ 6-1 ක් ලෙස පරාජය කරමින් තුන්වැනි වටයට පිවිසී සිටින්නීය.
-077
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.