Last Update  :  2025-12-24 19:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සෙබස්තියන් පිල අමාරුවේ

සෙබස්තියන් පිල අමාරුවේ

ශනුක අරවින්ද - 2018 මාර් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කෞමාල් නානායක්කාරගේ (45/6) සහ සවිඳු පීරිස්ගේ (49/4) දක්ෂ පන්දු යැවීම හමුවේ 68 වැනි ‘රන් හටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයේ පළමු පන්දුවට පහරදුන් ශාන්ත සෙබස්තියන් විද්‍යාලයට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 159 ක් පමණි. මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගය අද (9 වැනිදා) ආරම්භ විය.

ශාන්ත සෙබස්තියන් විද්‍යාලීය පිතිකරුවන්ට ලකුණු අතරට පැමිණීමට අවස්ථාවක් නොදුන් වමතින් පා දඟ පන්දු යවන ක්‍රීඩක කෞමාල් නානායක්කාර සහ පිට දඟ පන්දු යවන සවිඳු පීරිස්ට තරමක් හෝ තර්ජනයක් වූයේ ලකුණු 32 ක් රැස්කළ ජනිෂ්ක පෙරේරා පමණි.

පළමු දිනය අවසන්වන විට පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි මොරටුව වේල්ස් කුමර විද්‍යාලය කඩුලු 3 ක් දැවී ලකුණු 76 ක් රැස්කර සිටියේය. වේල්ස් කුමරුවෝ ශා. සෙබස්තියන් විද්‍යාලීය පළමු ඉනිමේදී රැස්කළ ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 83 ක් පසුපසින් සිටිති.

සඳුන් ප්‍රනාන්දු ලකුණු 30 ක් සහ අවිඳු ප්‍රනාන්දු ලකුණු 18 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටින අතර තාෂික් පෙරේරා ලකුණු 17 කට කඩුලු 2 ක් දවාගත්තේය.

කාසියේ වාසිය දිනාගත් මොරටුව වේල්ස් කුමර විද්‍යාලය පළමුව පන්දුවට පහරදීම සදහා මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයට ආරාධනා කළේය.

හෙට (9 වැනිදා) තරගයේ දෙවැනි සහ අවසන් දිනයයි.

ශා.සෙබස්තියන් විද්‍යාලය - ඕවර 50.1 කදී සියලුදෙනා දැවී ලකුණු 159
(ජනිෂ්ක පෙරේරා 32, නිෂිත අභිලාෂ් 28, ශනෙල් ප්‍රනාන්දු 22, ප්‍රවීන් කුරේ 22, කෞමාල් නානායක්කාර 45/6, සවිඳු පීරිස් 49/4)

වේල්ස් කුමර විද්‍යාලය - ඕවර 35 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 76
(සඳුන් ප්‍රනාන්දු නොදැවී 30, සුවත් මෙන්ඩිස් 21, ටෂික් පෙරේරා 17/2)

 


අදහස් (0)

සෙබස්තියන් පිල අමාරුවේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.