Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සුසන්ත - සිරිසෝම සම්මාන ලබති

සුසන්ත - සිරිසෝම සම්මාන ලබති

සංජය එරමුදුගොඩ - 2018 ජුලි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බිලියඞ් සහ ස්නූකර් ක්‍රීඩාවේ ප්‍රවීනයන් වන සුසන්ත බොතේජු සහ කේ.එච්. සිරිසෝම යන ක්‍රීඩකයන් දෙදෙනා ඇගයීමට ලක් කරමින් පසුගියදා පැවැති 70 වැනි සංවත්සරයේදී ඔවුන් දෙදෙනාටම සම්මාන පිරිනැමිණ.

ජාත්‍යාන්තර කාන්තා සම්මේලන ශාලාවේදී පැවති මෙම උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස  බිලියඞ් සහ ස්නූකර් සංගමයේ හිටුපු සභාපති ජගත් සුමතිපාල මහතාද සහභාගී විය. පසුගියදා පැවැති සික්ස් රෙඞ් ස්නූකර් තරගාවලියේ ජයග්‍රාහකයන්ට කුසලාන සහ ත්‍යාග ප්‍රදානය කිරීමද ජගත් සුමතිපාල මහතාගේ අතින් සිදුවිය.


මොහොමඞ් ෆාසිල් සික්ස් රෙඞ් ස්නූකර් තරගාවලියේ ශූරතාව දිනාගත් අතර අශික් හුසේන් අනුශුරතාව හිමිකරගත්තේය. මෙහිදි අනුරුද්ධ හික්ගොඩට තුන්වන ස්ථානය හිමිවිය.

 


- 092

 


අදහස් (0)

සුසන්ත - සිරිසෝම සම්මාන ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.