Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සුමිතුරන්ගේ සංග්‍රාමයත් ජය පැරදුමෙන් තොරයි

සුමිතුරන්ගේ සංග්‍රාමයත් ජය පැරදුමෙන් තොරයි

editorial - 2023 අප්‍රේ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(බලපිටියේ - එස්. ඒ. වයි. ද සිල්වා)

සුමිතුරන්ගේ සංග්‍රාමය නමින් ප්‍රකට අහුන්ගල්ල රාජපක්ෂ ජාතික පාසල හා අලුත්ගම ශ්‍රී ඤාණිස්සර ජාතික පාසල අතර සිව්වැනි වරටත් පැවති මහා ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය. ‍රාජපක්ෂ විදුහලට පළමු ඉනිමේ ජයක් හිමිවිය.

ඤාණිස්සර විදුහල් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් රාජපක්ෂ විදුහලේ නායක සහන් නිද්මාල් කළ ඇරැයුම අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් ඤාණිස්සර පිල පළමු ඉනිමේ ලකුණු 145 ක් ලබාගත්තේය.  රාජපක්ෂ විදුහල් පිල පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 265 ක් ලබා මුල් ඉනිමේ ජය අත්කර ගත්තේය.

සහන් නිද්මාල් හොඳම පන්දු යවන්නා වශයෙන් සම්මාන දිනාගත් අතර සහන් චමෝද්‍ය දක්ෂතම පිතිකරුවා ලෙසින් සම්මාන හිමිකර ගත්තේය. රාජපක්ෂ විදුහලේ විහඟ ඉඳුවර තරගයේ වීරයා වශයෙන් තේරී පත්විය.

 

ඤාණිස්සර විදුහල - පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 145
(තරුෂ අංජන 29, මෙනුජ සත්සුක 28, සහන් නිද්මල් 28/5,  විහඟ ඉඳුවර 19/2)

රාජපක්ෂ විදුහල - පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 265
(සප්න චමෝද්‍ය 56, විහඟ ඉඳුවර 55, හිම්සර සාවින්ද 34, තිසර කාවින්ද 57/5, සචින් මධුරංග 59/2)

ඤාණිස්සර විදුහල - දෙවැනි ඉනිම කඩුලු 5 ට ලකුණු 99
(මනුල අයන්ත 31, මලිඳු මලීජ නොදැවී 27,  සහන් නිද්මල් 25/2)


අදහස් (0)

සුමිතුරන්ගේ සංග්‍රාමයත් ජය පැරදුමෙන් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.