Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සුමන බාලිකාවේ සාන්ති පාසල් මලල ක්‍රීඩා මුල් පුටුවට

සුමන බාලිකාවේ සාන්ති පාසල් මලල ක්‍රීඩා මුල් පුටුවට

editorial - 2024 මාර් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමයේ (2023-24) නව සභාපතිනිය ලෙස රත්නපුරය සුමන බාලිකා විදුහලේ විදුහල්පතිනි සාන්ති එස්. විජේසිංහ මහත්මිය තේරී පත්වූවාය.

එහිදී ඇය ඡන්ද 116ක් ලබා ගත් අතර හිටපු සභාපති කැලණිය ගුරුකුල මහ විදුහලේ විදුහල්පති කුසල් ප්‍රනාන්දු මහතා මෙවරත් ඒ සඳහා තරග වැදුණු නමුත් ලබාගත  හැකි වූයේ  ඡන්ද 44ක් පමණි.

 බත්තරමුල්ල, පැලවත්ත ‘ඉසුරුපාය’ ශ්‍රවණාගාරයේදී මෙම නිලවරණය හා මහා සභා රැස්වීම පැවැත්විණි. ප්‍රධාන ලේකම් ධුරයට ටිරෝන් ඉන්දික ප්‍රනාන්දු මහතාත් (රත්නපුරය කුලරත්න මහ විදුහල), නියෝජ්‍ය සභාපති ධුරයට එම්.එම්.එල්. ධනුෂ්ක මහතාත් (දෙබරවැව ජාතික පාසල), භාණ්ඩාගාරික ධුරයට චමින්ද පෙරේරා මහතාත් (හොරණ රාජකීය විදුහල) නිතරඟයෙන් පත්වූහ.

මර්වින් පෙරේරා හා ප්‍රවීන් මාර්ක් යන පියතුමන්ලා ඇතුළුව සුගත් කරුණාරත්න, සමීර හේමරත්න, ඩී.එම්. ගුණරත්න යන මහත්වරුන් උප සභාපතිධුර සඳහා පත්වන අතර උපලේකම් ධුරයට පත්වූයේ ජයලාල් රත්නසූරිය මහතායි. නිලන්ත දිල්රුක් හා සුසන්ත කුලරත්න යන මහත්වරුන් පිළිවෙළින් තරග ලේකම් හා තාක්ෂණ නිලධාරි යන තනතුරු සඳහා නිතරගයෙන් තේරී පත්වූහ.


අදහස් (0)

සුමන බාලිකාවේ සාන්ති පාසල් මලල ක්‍රීඩා මුල් පුටුවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.