අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල සහ පානදුර ශ්‍රී සුමංගල විදුහල අතර පානදුර මහජන ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගයේදී පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ශ්‍රී සුමංගල විදුහල සමත් විය.
එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ ශාන්ත ජෝන් විදුහලේ අයත් දිල්මිත (104) ශතකයක් ලබාගැනීමට සමත් වූ අතර ශ්‍රී සුමංගල විදුහලේ විශ්ව ළහිරු ලකුණු 34 කට කඩුලු 6 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
ශාන්ත ජෝන් විදුහල - පළමු ඉනිම - ඕවර 36.2 කදී සියලු දෙනා දැවී 152
(අයත් දිල්මිත 104, විශ්ව ළහිරු 34/6, ගයාෂ පීරිස් 44/2)
ශ්‍රී සුමංගල විදුහල - පළමු ඉනිම - ඕවර 52 කදී කඩුලු 9 ක් දැවී 188
(ගයාෂ පීරිස් 47, දේවින් ගීසර 31, විෂ්ව ළහිරු 23, චාරුක පීරිස් 23, දිල්ෂාන් රුවන්ජිත් 31/2, චතුමික දෙව්මිත් 37/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.