Last Update  :  2025-09-14 23:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සුබූති - රාජකීය තරගය විසඳුමකින් තොරයි

සුබූති - රාජකීය තරගය විසඳුමකින් තොරයි

ශනුක අරවින්ද - 2018 අගෝ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ බත්තරමුල්ල ශ්‍රී සුබූති ජාතික පාසල සහ කොළඹ රාජකීය විදුහල් ‘සී’ කණ්ඩායම අතර සුබූති ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී පැවැති III කොටසේ තරගය අද (2 වැනිදා) ජය පැරදුමෙන් තොරව අවසන් විය.

එහිදී පසිඳු චාමික (74) ශ්‍රී සුබූති ජාතික පාසල වෙනුවෙන්ද, ඉනුක වීරකෝන් (83) රාජකීය විදුහල් ‘සී’ කණ්ඩායම වෙනුවෙන්ද අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ.

ශ්‍රී සුබූති ජාතික පාසල - පළමු ඉනිම - ඕවර 45.4 කදී සියලු දෙනා දැවී 245
(පසිඳු චාමික 74, කවීෂ දුල්ෂාන් 32, ලක්මාල් බණ්ඩාර 29, තීක්ෂණ මධුෂාන් 26, නිෂාල් රිසික 25, සොනාල් කුරේ 79/4)

රාජකීය විදුහල් ‘සී’ කණ්ඩායම - පළමු ඉනිම - ඕවර 56 කදී කඩුලු 5 ක් දැවී 208
(ඉනුක වීරකෝන් 83, අෂේන්ද්‍ර සිරිවර්ධන 31, විනුජ ප්‍රේමවර්ධන 22, නෙතුල් තෙන්නකෝන් නොදැවී 21, ලක්මාල් බණ්ඩාර 53/2)

-036


අදහස් (0)

සුබූති - රාජකීය තරගය විසඳුමකින් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.