Last Update  :  2024-05-02 16:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සුපිරි රේසිං ශූරයා හෙට්ටිආරච්චි

සුපිරි රේසිං ශූරයා හෙට්ටිආරච්චි

editorial - 2023 සැප් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(නාමල් පතිරගේ)

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 650කගේ සහභාගිත්වයෙන් කොළඹ විහාර මහා දේවි උද්‍යානය වටා පැවැති නෙස්ටමෝල්ට් අභියෝග ශූරතා පාපැදි මාර්ග ධාවන තරග මාලාවේ සුපිරි රේසින් (පිරිමි) ඉසව්වේ ජය පැරගන් පෙඩ්ලර්ස්  ක්‍රීඩා සමාජයේ ක්‍රීඩක ඒ. හෙට්ටිආරච්චිට හිමි විය.

තරගකරුවන් 90ක් සහභාගි වූ මෙම තරගයේ මුළු දුර වූයේ කිලෝමීටර් 48 කි. හෙට්ටිආරච්චි පැය 1 විනාඩි 08 තත්පර 45ක කාලයක් තුළ දී කිලෝමීටර් 48 සම්පූර්ණ කරමින්  සුපිරි රේසින්  තරගයේ ජය ලැබීය.

තරග මාලාව කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ ඉසව් 10කින් සමන්විත විය. කිලෝමීටර් 28ක් දුරැති  කනිෂ්ඨ (පිරිමි) ඉසව්වේ ජයග්‍රාහකයා වූයේ එස්.එස්.ඩබ්. ටැකේ විසිනි.

නෙස්ලේ ලංකා සමාගම මෙවර තරග මාලාවට අනුග්‍රහය දැක්විය.

සුපිරි - රේසින් (පිරිමි - කිලෝමීටර48)
1. ඒ. හෙට්ටිආරච්චි (පැරගන් පෙඩ්ලර්ස් - පැය 1. 08.45)
2. සඳරුවන් පින්ටෝ (යුද හමුදාව – පැය 1.08.45)
3. ජනක හේමන්ත (නාවික හමුදාව – පැය 1.08.45)

කනිෂ්ඨ - රේසින් (පිරිමි) තරගය -
1. එස්.එස්.ඩබ්. මැකී (කදිරාන ස්පීඩ් - වි 43.49
2. එම්.ඒ.එච්.එස්. සමරවීර (කැලණිය - වි 44.08)
3. එම්.ඩී.ඩී. පෙරේරා (වෙන්නප්පුව - වි 44.08)

 


සුපිරි - රේසින් (පිරිමි) තරගයේ රන්, රිදී හා ලෝකඩ පදක්කම්ලාභීන් තිදෙනා ආරාධිත අමුත්තන් සමග
නෙස්ලේ ලංකා සමාගමේ අධ්‍යක්‍ෂ රුවන් වැලිකල, එහි උප සභාපති බන්දුල එගොඩගේ, එහි කළමනාකාර අධ්‍යක්‍ෂ බර්නාඩ් ස්ටෙෆාන්, ප්‍රධාන ගිණුම් නිලධාරි නිලාන් ප්‍රසන්න, ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ සභාපති වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා සහ  ලේකම් නලින් අධිකාරිආරච්චි යන මහත්වරු ඡායාරූපයේ වෙති.


අදහස් (0)

සුපිරි රේසිං ශූරයා හෙට්ටිආරච්චි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.