Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සුනීල සංග්‍රාමය ජය පැරදුමෙන් තොරයි

සුනීල සංග්‍රාමය ජය පැරදුමෙන් තොරයි

editorial - 2023 අප්‍රේ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය හා අම්බලන්ගොඩ ශ්‍රි දේවානන්ද විද්‍යාලය අතර 54 වැනි වරටත්  පැවැති සුනිල සංග්‍රාම මහා ක්‍රිකට් තරගයේ අවසන් දිනයවූ අද (2 වැනිදා) පස්වරුවේදි තරගය ජයපරාජයෙන් තොරව නිමාවට පත්විය. මෙම තරගය අම්බලන්ගොඩ නගර සභා ක්‍රිකට් පිටියේදී පැවැත්විණ.

පළමු ඉනිමේ ජය ධර්මාශෝක විද්‍යාලයට හිමිවිය.

මෙම තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්වූයේ 39 වැනි වරටය. මේ වනවිට තරග 13 ක් ධර්මාශෝක විද්‍යාලය විසින් ජයගෙන ඇති අතර තරග 2 ක ජය දේවානන්ද විද්‍යාලයට හිමිවී තිබේ. අවසන් වරට තරගයක් ජය ගත්තේ දේවානන්ද විද්‍යාලය විසිනි. ඒ පසුගිය (2022) වසරේදීය.

කාසියේ වාසිය දිනූ ධර්මාශෝක විද්‍යාලයේ ආරාධනයෙන්  පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි දේවානන්ද විද්‍යාලය ඕවර 57.1 කදී සියලුදෙනාම දැවි 194 ක් ලබා ගත්තේය. එහිදී සිය කණ්ඩායම ඉතා අපහසුතත්වයට පත්ව සිටියදි ඉනිමේ එකම අර්ධ ශතකය (54) ලාභියාවූ  විහඟ මලිත් දේවානන්ද විදුහල් කණ්ඩායම ලකුණු දෙසීයේ සිමාව ආසන්නයටම ගෙනගියේය.

පිළිතුරු ඉනිම ක්‍රියාත්මක කිරීමට පිටියට පිවිසි ධර්මාශෝක විද්‍යාලය ඕවර 45.3 කදී සියලු දෙනාම දැවී ලකුණු 225 ලබාගත්තේය. අර්ධ ශතකය පෙනි පෙනී චානුක ජයශ්‍රී ලකුණු 47 කට දැවී ගියේය.

දේවානන්දය සිය දෙවැනි ඉනිමේදී කඩලු 8 ක් දැවි ලකුණු 146 ක් ලබා ගැනීමෙන් පසුව, ප්‍රතිවාදී පිලට පිතිහරඹයේ අවස්ථාව ලබා දුන්නේය. දේවානන්ද නායක කවීෂ කල්පන අර්ධ ශතකයක් (55) ලබා ගනිමින්  මයුර මල්ෂාන් සමග (36) සිය දෙවැනි ඉනිම ලකුණු 150 සීමාව ආසන්නයට තල්ලු කරගෙන ගියේය‍

තරගය ජය ගැනීමට ලකුණු 115 ක ඉලක්කයක් හඹායාමට තිබුණද, දෙවැනි ඉනිම සදහා පිටියට පිවිසි ධර්මාශෝක විද්‍යාලයට දිනය නිමාවන විට ලබාගත හැකි වූයේ කඩලු 2 දැවී ලකුණු 36 පමණි.

 

දේවානන්ද විද්‍යාලය - පළමු ඉනිම ඕවර 57.1 කදී සියලු දෙනාම දැවි 194
(විහඟ මලිත් 54, කවීෂ කල්පන 33, කවීෂ් හංසන 27, සිතුම් විහඟ 22, මයුර මල්ෂාන් 19, සෙනිත හැළඹගේ 51/3, චානක ජනංග 31/2, පැතුම් මලිත 41 /3)

ධර්මාශෝක විද්‍යාලය - පළමු ඉනිම ඕවර 45.3 කදී සියලු දෙනාම දැවි 225
(චානුක ජයශ්‍රී 47, මානස ද සිල්වා  42, රන්දුල් සමරහේවා 32, සෙනිත හැළඹගේ 28, චානක ජයංග 25, සෙනුර සඳරු 21, මිතිල ප්‍රනාන්දු 27/3, මයුර මල්ෂාන් 11/2, කවීෂ කල්පන 52/2)

දේවානන්ද විද්‍යාලය - දෙවැනි ඉනිම ඕවර  41.4 කදි කඩුලු 8 ට 146 යි
(කවීෂ කල්පන 55, මයුර මල්ෂාන් 36, සෙනිත හැළඹගේ 40/4, ඉෂාන් අනුරාධ 22/2, අමිල් අගස්ති 28/2)

ධර්මාශෝක විද්‍යාලය - දෙවැනි ඉනිම ඕවර 4 කදි කඩුලු 2 ට 36
(රන්දුල් සමරහේවා 29)

 


අදහස් (0)

සුනීල සංග්‍රාමය ජය පැරදුමෙන් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.