Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සුනීල සංග්‍රාමය අප්‍රේල් 1-2 අම්බලන්ගොඩදී

සුනීල සංග්‍රාමය අප්‍රේල් 1-2 අම්බලන්ගොඩදී

editorial - 2023 මාර් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය හා අම්බලන්ගොඩ ශ්‍රි දේවානන්ද විද්‍යාලය අතර 54 වැනි වරටත් සුනිල සංග්‍රාම මහා ක්‍රිකට් තරගය අප්‍රියෙල් මස 1 සහ 2 දෙදින අම්බලන්ගොඩ නගර සභා ක්‍රිඩාංගණයේදී පැවැත්වේ.

සුනිල සංග්‍රාම වංශ කතාවේ මෙතෙක් පැවති තරග 53 න් තරග 13ක ජය ධර්මාශෝක විද්‍යාලය හිමිකර ගෙන ඇත. පසුගිය වසරද ඇතුළත්ව ශ්‍රි දේවානන්ද විද්‍යාලය තවමත් ලබාගෙන ඇත්තේ ජයග්‍රහණ 02 ක් පමණි.

දේවානන්ද විද්‍යාලය පලමු ජයග්‍රහණය වාර්තා කළේ 1966 දීය. දෙවැනි ජයග්‍රහණය 2022 දී ලබාගත්තේ වසර 56 කට පසුව වීම ද කැපී පෙනේ. දෙවිදුහල් අතර තරග 38 ක් ජයපරාජයෙන් තොරවම නිමාවට පත්ව තිබේ.

සෙනිත හැළඹගේ ධර්මාශෝක විද්‍යාලයීය කණ්ඩායම මෙහෙයවන අතර කවීෂ කල්පන ශ්‍රී දේවානන්ද විදුහල් කණ්ඩායම මෙහෙයවයි.

අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩය යටතේ තරග වදින ධර්මාශෝක විද්‍යාලය මේ වසරේ තරග පහකට මුහුණදී ඉන් තරග තුනක ජය ලබා එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් කරගත්තේය. තවත් තරගයක් පරාජය විය.

අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කාණ්ඩය යටතේ තරග වදින ශ්‍රී දේවනන්ද විදායලය මේ වසරේ තරග 05 මුහුණදි තරග තුනක පූර්ණ ජය ලබා ඇත. තරගයක් ජය පාරාජයෙන් තොරව නිමාවී ඇති අතර තරගයක් පරාජයවී ඇත.

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය 

 

අම්බලන්ගොඩ ශ්‍රි දේවානන්ද විද්‍යාලය


අදහස් (0)

සුනීල සංග්‍රාමය අප්‍රේල් 1-2 අම්බලන්ගොඩදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.