අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල සහ ශ්‍රී දේවානන්ද විදුහල අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැති 52 වැනි ‘සුනිල සංග්‍රාමය’ වාර්ෂික මහා ක්‍රිකට් තරගයෙන් ලකුණු 240 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ධර්මාශෝක විදුහල සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 259 ක ඉලක්කයක් හඹාගිය දේවානන්ද විදුහලේ දෙවැනි ඉනිම ලකුණු 18 කට සීමා කිරීමට දිනුක දිල්ෂාන් සහ අකිල මෙන්ඩිස් සමත් වූහ. එහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිතර වූ දිල්ෂාන් ලකුණු 12 කට කඩුලු 7 ක් දවාගත් අතර දේවානන්ද දෙවැනි ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා ඔහුට අනගි සහායක් දුන් මෙන්ඩිස් ලකුණු 5 කට කඩුලු 3 ක් දවාගත්තේය.
ධර්මාශෝක විදුහල වෙනුවෙන් තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වූ දිල්ෂාන් සහ මෙන්ඩිස් ඉනිම් දෙකේදීම පිළිවෙලින් ලකුණු 39 කට කඩුලු 9 ක් සහ ලකුණු 12 කට කඩුලු 7 ක් බැගින් බිඳහෙළුහ.
ලකුණු 95 ක වාසියක් සමගින් දෙවැනි ඉනිම ඇරඹූ ධර්මාශෝක විදුහල කඩුලු 8 ක් දැවී ලකුණු 163 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවා දේවානන්ද කණ්ඩායමට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර සිටියේය.
ධර්මාශෝක දෙවැනි ඉනිමේ බිඳවැටුණ කඩුලු 8 න් 7 කටම හිමිකම් කීමට චමිඳු අනුෂ්ක හිමිකම් කීවේ ප්‍රතිවාදීන්ට ලකුණු 79 ක් ලබාදෙමිනි. පළමු ඉනිමේදී ලකුණු 52 කට දවාගත් කඩුලු 5 ත් සමගින් තරගයේ ඉනිම් දෙකේදීම අනුෂ්ක දවාගත් කඩුලු සංඛ්‍යාව 12 ක් දක්වා ඉහළ ගියේය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ධර්මාශෝක විදුහල සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 201 ක් ලබාගත් අතර එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ ශනුල ශාමෙන් ලකුණු 75 ක් රැස්කිරීමට සමත් විය.
ධර්මාශෝක විදුහල පළමු ඉනිම - ඕවර 52.3 සියලු දෙනා දැවී 201
(ශනුල ශාමෙන් 75, ශෙනාල් දේශායි 24, හසිඳු මල්ෂාන් නොදැවී 31, චමිඳු අනුෂ්ක 52/5, දිවිඳු ද සිල්වා 04/2, චාමික පෙරේරා 52/2)
දේවානන්ද විදුහල පළමු ඉනිම - ඕවර 35.3 සියලු දෙනා දැවී 106
(සොහාන් ද සිල්වා 44, මිතිල ප්‍රනාන්දු 24, අකිල මෙන්ඩිස් 07/4, කවිඳු නදීෂාන් 38/3, දිනුක දිල්ෂාන් 27/2)
ධර්මාශෝක විදුහල දෙවැනි ඉනිම - ඕවර 45.1 කඩුලු 8 ක් දැවී 163
(සේන දේශායි 47, ලොහාන් ද සොයිසා 39, චමිඳු අනුෂ්ක 79/7)
දේවානන්ද විදුහල දෙවැනි ඉනිම - ඕවර 8.1 සියලු දෙනා දැවී 18
(දිනුක දිල්ෂාන් 12/7, අකිල මෙන්ඩිස් 05/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.