නාමල් පතිරගේ
කොළඹ කෝල්ට්ස් පිටියේදී ඊයේ (28) නිමාවට පත්වූ 47 වැනි කෝට්ටේ සටන මහ තරගයෙන් කඩුළු හතක ජයක් වාර්තා කරමින් කේ.ජේ. රණසිංහ ශූරතා පළිහ හිමි කර ගැනීමට කෝට්ටේ සී.එම්.එස්. ශ්‍රී ජයවර්ධනපුර විදුහල සමත් විය. සී.එම්.එස්.විදුහල මෙම මහ තරගය පිට පිටම දෙවැනි වසරටත් දිනා ගැනීමට සමත් වීම කැපී පෙනේ.
ප්‍රතිවාදී කෝට්ටේ ශාන්ත තෝමස් විදුහලේ දෙවැනි ඉනිම සියළු දෙනා දැවී ලකුණූ 118 කට සීමාවීමත් සමග ලකුණු 34 ක ඉතා පහසු ජයග්‍රාහී ඉලක්කය කඩුළු තුනක් දැවී සපුරා ගැනීමට සී.එම්.එස්.විදුහලට හැකි විය.සී.එම්.එස්.පළමු ඉනිමේදී ලකුණු 85 ක් රැස් කළ දහම් කෞෂල්‍ය තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.
කෝට්ටේ ශාන්ත තෝමස් විදුහල - පළමු ඉනිම 111
කෝට්ටේ සී.එම්.එස්.විදුහල - පළමු ඉනිම 200
(ප්‍රමෝදර සත්සර 54, දිමිත්‍රි ඇන්තනී 49/3, නිදුෂාන් කවීෂ 66/3)
කෝට්ටේ සාන්ත තෝමස් විදුහල - දෙවැනි ඉනිම 118
(නිදුෂාන් කවීෂ 36, නෙත්සර කාව්‍ය 13, අවිනාශ් පෙරුමාල් 27,සදිල් පෙරේරා10, මනුත් මල්සුක 18/2, නිසිත් ශෙහෙන්ක 24/3, රුසිරු රිශ්මිත 26/2, තුලන සෙතුම් 29/3)
කෝට්ටේ සී.එම්.එස්.විදුහල - කඩුලු තුනට 34 යි
(දහම් කෞෂල්‍ය නොදැවී 12,දිමිත්‍රී ඇන්තනී 15/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.