Last Update  :  2024-05-08 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සිලෝන් මාස්ටර්ස් බැඩ්මින්ටන් ශූරතාවලියේ අයැදුම්පත් බාරගැනීම 16 වැනිදා අවසන්

සිලෝන් මාස්ටර්ස් බැඩ්මින්ටන් ශූරතාවලියේ අයැදුම්පත් බාරගැනීම 16 වැනිදා අවසන්

editorial - 2023 ජුනි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිලෝන් මාස්ටර්ස් බැඩ්මින්ටන් සංගමය මෙහෙයවන සිලෝන් මාස්ටර්ස් බැඩ්මින්ටන් ශූරතාවලිය මෙම මස 24 වැනිදා ආරම්භ වේ. දින දෙකක් පුරා නයිවල නිව් සනිරෝ එයාර්පෝර්ට්ස් ක්‍රීඩා සංකීර්ණයේ පැවැත්වෙන මෙම ශූරතාවලියට දිවයින පුරා අවුරුදු 35 න් ඉහළ පළපුරුදු ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක් සහභාගි වෙති.

මෙම තරගාවලියේදී කාන්තා සහ පිරිමි කේවල, යුගල සහ මිශ්‍ර යුගල වශයෙන් කාණ්ඩ තුනක් යටතේ  තරග පැවැත්වෙන අතර ජයග්‍රාහකයන්ට පදක්කම්වලට අමතරව මුදල් ත්‍යාගද පිරිනැමීමට නියමිතය.

තරගාවලිය සඳහා අයැදුම්පත් බාර ගැනීම මේ මස 16 වැනිදායින් අවසන් වන බව සංවිධායක මණ්ඩලය පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේය. මෙරට සිටින ප්‍රවීණතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර බැඩ්මින්ටන් ක්‍රීඩාව කෙරෙහි ඇති උනන්දුව පෙන්නුම් කරමින් විශාල තරගකරුවන් පිරිසක් මෙම තරගාවලිය සඳහා සහභාගි වනු ඇතැයි සිලෝන් මාස්ටර්ස් බැඩ්මින්ටන් සංගමය අපේක්ෂා කරයි.

තරගාවලියට සහභාගි වන එම සංගමයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඇතුළත්වීමේ ගාස්තුවෙන් 10% ක වට්ටමක් ලබාදෙන බවූද මාධ්‍ය හමුවේදී සංවිධායක මණ්ඩලය සඳහන් කළේය.

තරගාවලියට සහභාගි වීමට අපේක්ෂා කරන තරගකරුවන්ට 077 2279392, 071 2274861, 071 2274861 හෝ 077 7574462 යන දුරකතනය අංක ඔස්සේ වැඩි විස්තර සහ ලියාපදිංචි වීමේ තොරතුරු ලබාගත හැකිය.

දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රවීණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර සම්බන්ධතාව, දිරිගැන්වීම හා බැඩ්මින්ටන් ක්‍රීඩාව ව්‍යාප්ත කිරීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තරව විශාල වශයෙන් බැඩ්මින්ටන් ක්‍රීඩාවේ නිරතවන්නන්ට උපකාර කිරීම එම සංගමයේ අධිෂ්ඨානය වී ඇත.


-036


අදහස් (0)

සිලෝන් මාස්ටර්ස් බැඩ්මින්ටන් ශූරතාවලියේ අයැදුම්පත් බාරගැනීම 16 වැනිදා අවසන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.