අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ ගලහිටියාව මැදි විදුහල සහ කළුතර සිරිකුරුස විදුහල අතර කළුතර මහජන ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 88 ක ජයක් අත්කර ගැනීමට කළුතර සිරිකුරුස විදුහල සමත් විය.
එහිදී සිරිකුරුස විදුහලේ සිතුම් සංජන (66) අර්ධ ශතකයක් ලබාගත් අතර එම විදුහලේම දිල්හාර නානායක්කාර ලකණු 25 කටු කඩුලු 6 ක්ද, හංසජ බ්‍රයන් ලකුණු 49 කට කඩුලු 6 ක්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ගලහිටියාව මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 36.3 කදී සියලු දෙනා දැවී 55
(දිල්හාර නානායක්කාර 08/4, ආතීෆ් අස්ලි 07/2, හසංජ බ්‍රයන් 21/2)
සිරිකුරුස විදුහල් පළමු ඉනිම - ඕවර 40.5 කදී කඩුළු 9 ක් දැවී 244
(සිතුම් සංජන 66, භාෂිත පෙරේරා 48, දිල්හාර නානායක්කාර 43, පැතුම් ප්‍රනාන්දු 36, දිල්ෂාන් මධුෂංක 22, සඳරුවන් චින්තක 76/4, එසඳ සිතුම් 43/3)
ගලහිටියාව මැදි විදුහල් දෙවෙනි ඉනිම- ඕවර 39.2 කදී සියලු දෙනා දැවී 101
(සඳරුවන් චින්තක 43, හංසජ බ්‍රයන් 28/4, මිලක්ෂ කසුන් 19/3, දිල්හාර නානායක්කාර 17/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.