Last Update  :  2025-12-24 19:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය 21 දා

සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය 21 දා

රොෂාන් ගුණරත්න - 2017 මැයි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මහරගම මධ්‍ය මහා විදල්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය පළමු වරට සංවිධානය කරන සය සාමාජික සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය මේ මස 21 වැනිදා පෙරවරු 8.00 සිට එම විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.


තරගාවලියට සහභාගී වන සෑම කණ්ඩායමකටම ක්‍රීඩකයන් 5 දෙනෙක් සහ එක් ක්‍රීඩිකාවක් ඇතුළත් විය යුතු අතර මහරගම මධ්‍ය මහා විදල්‍යාලයේ ආදි සිසු සිසුවියන් සඳහා පමණක් තරගාවලිය විවෘත වේ.


තරගාවලියේ ශූරතාව, අනුශූරතාව, දක්ෂතම පිතිකරුවා, දක්ෂතම පන්දු යවන්නා සහ දක්ෂතම ක්‍රීඩිකාව සඳහා කුසලාන සමගින් වටිනා ත්‍යාග පිරිනැමීමට නියමිතය.


තරගාවලිය සඳහා සහභාගි වන කණ්ඩායම් මේ මස 20 වැනිදාට පෙර ලියාපදිංචි විය යුතු අතර 071 8130818 හෝ 077 3715616 යන දුරකථන අංක ඇමතීමෙන් ඒ සඳහා අවස්ථාව උදා කර ගත හැකිය.

 

-036

 


අදහස් (0)

සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය 21 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.