Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පාසල් සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ I කොටසේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සමත් විය.
සාන්ත තෝමස් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී කොළඹ ඩී.එස්. සේනානායක විදුහලට එරෙහිව ලකුණු 195 ක දැවැන්ත ජයක් අත්කර ගනිමින් සාන්ත තෝමස් විදුහල අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.
ජයග්‍රහණය සඳහා ලකුණු 246 ක ඉලක්කයක් හඹා ගිය ඩී.එස්. සේනානායක විදුහලට ඕවර 22.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 50 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ කළණ පෙරේරා ලකුණු 12 කට කඩුලු 5 ක් දවාගැනීමට සමත් විය. ඩී.එස්. ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා කළණට අනගි සහාහයක් දුන් ශැනෝන් ප්‍රනාන්දු ලකුණු 9 කට කඩුලු 3 ක් දවාගත්තේය.
පළමුවෙන් පන්දුවට පහරදුන් සාන්ත තෝමස් විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට සිතාර හපුහින්න (72), ඩෙලන් පීරිස් (62) සහ කළණ පෙරේරා (52) සමත් වූහ.
සාන්ත තෝමස් විදුහල - ඕවර 49.3 කදී සියලු දෙනා දැවී 245
(සිතාර හපුහින්න 72, ඩෙලන් පීරිස් 62, කළණ පෙරේරා 52, නෙතුෂාන් කුමාර 57/4, සචින්ත හෙට්ටිගේ 37/2)
ඩී.එස්. සේනානායක විදුහල - ඕවර 22.5 කදී සියලු දෙනා දැවී 50
(කළණ පෙරේරා 12/5, ශැනෝන් ප්‍රනාන්දු 9/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.