Last Update  :  2025-09-06 19:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සා. තෝමස් විදුහලට තියුණු ජයක්

සා. තෝමස් විදුහලට තියුණු ජයක්

සංජය එරමුදුගොඩ - 2017 මාර් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර පැවැති 138 වැනි ‘නිල් මහ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයට සමගාමීව කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී අද (18 වැනිදා) පැවැති 42 වැනි සීමිත ඕවර ක්‍රිකට් තරගයෙන් ලකුණු 11 ක තියුණු ජයක් අත්කර ගැනීමට සාන්ත තෝමස් විදුහල සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 259 ක ඉලක්කයක් හඹාගිය රාජකීය විදුහලට නියමිත ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 247 ක් පමණි. දක්ෂ පිතිහරඹයක නිතර වූ තෙවිඳු සේනාරත්න ලකුණු 71 ක් රැස්කිරීමට සමත් වුවද, රාජකීය විදුහල ජයග්‍රහණය කරා රැගෙන යෑමට තරම් එය ප්‍රමාණවත් නොවීය.

කාසියේ වාසිය දිනූ රාජකීය විදුහලේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් සාන්ත තෝමස් විදුහල නියමිත ඕවර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 258 ක් රැස්කළ අතර එහිදී රවිඳු කොඩිතුවක්කු (95) සහ රොමේෂ් නල්ලෙපෙරුම (53) අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ.


සාන්ත තෝමස් විදුහල - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 258
(රවිඳු කොඩිතුවක්කු 95, රොමේෂ් නල්ලෙපෙරුම 53, ඉෂේන් පෙරේරා නොදැවී 36, හේලිත විතානගේ 42/4, ගනිත් සංදීප 45/2)

රාජකීය විදුහල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 247
(තෙවිඳු සේනාරත්න 71, ලකිඳු නානායක්කාර 44, හේලිත විතානගේ 33, පවිත් රත්නායක 37/3, කළණ පෙරේරා 47/2)

 


අදහස් (0)

සා. තෝමස් විදුහලට තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.